Jun 29, 2022

ඉගෙනගත්තට වෑගපිටිය ජපුර සරවියට ගෑස් බෙදන්න සැරසෙයි!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි බැගෑපත් වීමකින් පසුව ලාෆ් ගෑස් ගෙනඒමට ඩොලර් නිදහස් කරගත් වෑගපිටිය මහතා විසින් ගෙන්වන ලද ගැස් ඔහුගේ පෞද්ගලික න්‍යායපත්‍රයට අනුව බෙදා හැරිමින් සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

මේ අනුව ජයවර්ධනපුර සරසවියේ ආදි විද්‍යාර්ථයෙක් වන ඒ මහතා එහි ඉල්ලීමකට අනුව හෙට (29) දිනයේදී විශ්ව විද්‍යාල ආපන ශාලාවට හා කථිකාචාර්ය මණ්ඩලයට ලාෆ් ගෑස් ලබාදීමට සුදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව එම සරසවියේ අධ්‍යන, විධායක, අනධ්‍යන සුභසාධක සංගම් වලට නම ලබාදී ඇති විශ්ව විද්‍යාලයේ සේවක සේවිකාවන් ඉල්ලා ඇති අවම එක් ගෑස් සිලින්ඩරයක් ලබාදීම සිදු කිරීමට නියමිතය.

ගෑස් බෙදා හැරීමේ තොරතුරු එහි ලේඛකාධිකාරීවරයාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති පහත ලිපියෙන් දැක්වේ.

Wegapitiya1 670px 22 06 29

මීට පෙර මෙම ගෑස් බෙදීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය, කාර්යමණ්ඩල සුභ සාධක සංගමය විසින් ලැෆ් ගෑස් අවශ්‍ය අයගේ නම් ලයිස්තුවක් එකතු කිරීමට එම සුභ සාධක සංගමයේ සභාපති අතුල විජේරත්න මහතා විසින් සියලුම අනධ්‍යන සේවක සේවිකාවන් වෙත යවා තිබූ ලිපිය පහත දැක්වේ.

Wegapitiya2 670px 22 06 29

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top