Aug 18, 2021

යොහානි 'මැණිකේ' ඔරජිනල් කරන්නම එපා - පත්තර මල්ලී Featured

"මැණිකේ මගේ හිතේ.." ගීතය ගයමින් දකුණු ආසියානු කලාපයම උන්මාදයට පත් කළ යොහානි ද සිල්වාගෙන් නෙත් එෆ්.එම්. ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, බොහෝදෙනා දන්නා "පත්තර මල්ලී" ලෙස හඳුන්වන නුවන් ලියනගේ මහතා අපූරු ඉල්ලීමක් කර තිබේ.

ඒ ස්වතන්ත්‍ර නැත්නම් ඔර්ජිනල් නිර්මාණ නොකරණ ලෙසයි.

ඔහු පෙන්වාදෙන්නේ ඇය මේවන විට නිර්මාණය කරගෙන ඇති වෙළෙඳපොළ වේදිකාව ඇය භාවිත කළ යුත්තේ මෙරට ඉතාමත් ජනප්‍රිය ගීත එම වෙළෙඳපොළ වෙත ගෙනයාමට බවයි.
 
එය මෙරට මෙතෙක් පත්වූ කිසිම රජයකට කළ නොහැකිවූ අරුම කරුණක් බවද නුවන් පෙන්වාදෙයි.
 
ජනප්‍රිය ගීත කිහිපයක්ම රචනාකර ඇති ඔහු මේ ඉල්ලීම සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සිදුකර ඇත. එම සටහන පහත දැක්වේ.
 
මේවන විට මිලියන 34කට ආසන්න පිරිසක් "මැණිකේ මගේ හිතේ.." ගීතය නරඹා ඇති අතර එහි මුල් හිමිකරු වන රතීෂ් රත්නායකගේ ගීතයද මේවන විට මිලියන 13 වැඩි පිරිසක් නරඹා තිබේ.
 
යොහානි Yohani ඔරජිනල් කරන්නම එපා,
------------------------------------
ඊයෙ මම යොහානිගේ ඉන්දියාව පමණක් නොව දකුණු ආසියානු කලාපය ම උන්මාදයක් බවට පත්කළ ඒ ජයග්‍රහණය ගැන ලියූ පෝස්ටුවට විවිධ ප්‍රතිචාර ලැබිණි ,එයට ප්‍රතිචාර දක්වමින් මා මිත්‍ර රවී Ravi Siriwardhana ඇතුළු කීප දෙනෙක්ම ඇයට නව නිර්මාණ කරන ලෙස ඇරයුම් කර තිබිණි මා නම් කියන්නේ තව කාලයක් යන තුරු ඇය නව නිර්මාණ නොකළ යුතු බවයි, ඒ වෙනුවට ජනප්‍රිය හිතට අල්ලන තනු ඇති. සිංහල ගීතවල තව පුළුවන් තරම් මශප් කිරීම කලයුතුය, මන්ද මේ ගිතයත් සමග වෙන කාටත් නොලැබෙන අනිවර්‍ය අවස්තාවක්, වෙළඳපොලක් ඈ සතු බැවිනි එය නම් ඇගේ නාලිකාවේ subscribers ලා බොහෝ දෙනෙක් ඉන්දීයාවේ හෝ වෙනත් අපේ කලාපයේ රටවලින් ය, ඇය නව ගීතයක් දැමූ සැනකින් ඔවුන් වෙත ඒ ගීතය අනිවාර්යෙන් සංක්‍රමණය වේ, එබැවින් දැනටමත් මේ තනාගත් වෙළෙඳපොළ වේදිකාව ඇය භාවිත කළ යුත්තේ අපේ රටේ ඉතාමත් ජනප්‍රිය ගීත එම වෙළෙඳපොළ වෙත ගෙන ගෙනයාමට බව මගේ අදහසයි, මෙය ශ්‍රී ලංකාවේ කිසිම පත්වූ රජයකට කරන්න බැරි වෙච්ච අරුමයකි, සුව තන්ත්‍ර කියාගන්න නිර්මාණ පස්සේ පුළුවන් වෙච්ච කාලෙක කරන්න දැනට මේ කරනවා වගේ මශප් හෝ රීමෙක්ම කරන්න, ඒවාම කරමින් පුළුවන් තරං එහේ ජයගන්න, අර සුභාවිත කියන විකාර නම් කීයටවත් කරන්න එපා, චූටි මැණිකේ ඔයාට උණුසුම් සුභ පැතුම්
 
NU1
 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top