Aug 22, 2021

ආනන්ද පාලිත අත්අඩංගුවට ගත්තාට ඉන්ධන අර්බුදය විසදෙන්නේ නැත

තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත අත්අඩංගුවට ගෙන ඇත.
 
ලංකාවේ ආණ්ඩුව දැන් මාස 16 කින් තෙල් ආනයනය කිරීමේ ඩොලර් බිල්පත් පියවා නැත. අවසන් බොර තෙල් ටෙන්ඩර දෙකටම විකුණුම්කරුවන් ඉදිරිපත් වූවේ නැත. සති තුනකට පෙර මුදල් ගෙවන්නට බැරුව තෙල් නැවක් වාරයෙන් පිට නවතා තිබුණි. සපුගස්කන්ද තෙල් පිරි පහදුවේ දැවි තෙල් හිලව් කිරීමේ පදනම මත පසුව තෙල් නැවත ගොඩබෑවේය.
 
ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් නැතිකම සැබෑ අර්බුදයකි. අදත් ලංකාවේ සැලකිය යුතු පංගුවකට ගෑස් නැත. ලිට්රෝ සමාගම ද ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලා ඇත.
 
ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩුවේ. නමුත් තෙල් මිල එයට සාපේක්ෂව අඩුවන්නේ නැත. 2021 මුල් මාස 6 තුල ඉන්ධන ආනයනය සඳහා පසුගිය වසරේ මුල් මාස හයට වඩා ඩොලර් මිලියන 1342.5 ක් (55% ක වැඩිවීමක්) වැය කර ඇත. ලංකාවේ ආනයන වියදමෙන් 18% ක් ඉන්ධන සඳහා ය.
 
විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන්, විදුලි නිෂ්පාදන සමාගම් ඇතුළු රාජ්‍ය ආයතන තෙල් සංඛාවට රු. කෝටි 15,350 ණය ය. භාණ්ඩාගාරය ඒ මුදල් සංස්ථාවට දෙන්නේ නැත.
 
රටේ ගෑස් අවශ්‍යතාව සපුරන්නට නම් දින 2 ½ කට වරක් මෙ.ටො. 3500 ගෑස් නැවක් රටට පැමිණය යුතුය. දැන් ගෑස් සිලින්ඩරයට පුරවන ගෑස් ප්‍රමාණය අඩු කර ඇති අර්බුදය දින කිහිපයකට කල් දමා ගෙන ඇත.
 
ලිට්රෝ සමාගම මාසයකට රු. බිලියන 1.4 කට ආසන්න පාඩුවක් විදගනී. ලිට්රෝ සමාගම බිදවැටෙනු ඇත්තේ ශ්‍රී ලංකා රංක්ෂ සමාගම ද සමඟ එකවරය. රටේ ගැස් නැති විට ආණ්ඩුව අලුත් ගෑස් සමාගමක් ගැන කියා මිඩියා ජිමික් එකක් පෙන්වීය.
 
මේ එකක්වත් දැන් රහස් පොලිස් අත්අඩංගුවේ සිටින ආනන්ද පාලිත ගේ වැඩ නොව ආණ්ඩුවේ අසමත් බවයි. ආණ්ඩුව කරන්නේ අර්බුදය දෙසට අත දිගු කරන පණිවුඩකරුවා ට හිරි හැර කිරීමය.
 
රටේ ඉන්ධන අර්බුදය සැගවිය නොහැකිය. ආනන්ද පාලිත දඬු කදේ ගැසුවාට ඒ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.
 
රජිත් කීර්ති තෙන්නකෝන්
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top