Oct 15, 2021

ජනපති ගෙනා වේදිකාවල සිටි කලාකාරියෝ කුලල් කා ගනිති!

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට සහයෝගය ලබාදුන් නළු නිළියන් මේවන විට එකිනෙකා හා ගැටුම් ඇතිකර ගැනීම සුලබ සිද්ධියක් බවට පත්ව තිබේ.

එම ගැටුම්වල ආසන්නතම සිද්ධිය මතුව ඇත්තේ ගායිකාවක හා වර්තමානයේ ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂවරියක් වන සංජීවනී වීරසිංහ හා ප්‍රවීන නිළියක වන නිල්මිණි තෙන්නකෝන් අතර බව වාර්තා වේ.

මේ ගැටුම සංජීවනී විරසිංහ විසින් සිය ෆේස්බුක් පිටුවේ ලියන ලද දීර්ඝ සටහනකින් මතුව තිබේ.

අදාළ සම්බපූර්ණ සටහන පහත දැක්වේ.

කලාව....දේශපාලනය...කුහකකම....මානව අයිතිය.....රුසියාවටත් වඩා ලොකු ඉරිසියාව....දේශප්‍රේමය....නොමිනිස්කම...
අසහනය....බල තණ්හාව.....
රට වලපල්ලට ගියත් තමාගේ වාසිය තකා කරන පාවා දීම්....
ඇතුළු බොහෝ දේ ගැන අද යමක් ලියන්නට හිතුනි....,.
මගේ මුහුණු පොතේ ඉන්නා විවිධ ජාති ආගම්,දේශපාලන මතවාදයන් නියෝජනය කරන වැදගත් මිතුරනි, පාට කණ්නාඩි නොදමා, වරදවා වටහා නොගෙන කියවන්න.....වටහා ගන්න. .

මෙවැනි ලිපියක් ලියන්නට කිසිදා නොසිතූවත්, ගරු ගෝඨාභය රාජපක්ශ ජනපතිඳුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අප මෙන්ම විවිධ දේශපාලනික අදහස් ජනගත කල, මා කලක් වැඩිමහල් සොයුරියකට සේ සැලකූ එක්තරා වැඩිහිටි ශිල්පිනියක් ( නිළියක් - ඇය හා මා එකට කතාකල මාධ්‍ය සාකච්චාවේ ඡායාරූප මේ සමග උඩින්ම අමුණා ඇත. ඇගේ නමේ තේරුම "නිල් මිණක්" වුනාට කට ඇරියම ගලා එන හිස්, මුසාවන් පිරුනු වචන ගල්- බොරළු තරම්‍වත් නොවටිනා බව මට වැටහුනේ බොරුවෙන් ප්‍රේක්ෂකයා මුලා කරමින් ඇය කල සංවාදය දුටු පසුය. ), පසුගියදා පැවැත්වූ ඇගේ සාකච්චාවක මගේ ගැනත් අනවශ්‍ය ආකාරයෙන් සදහන් කරනු කන වැකුනු නිසා සුපුරුදු පරිදි ලිය යුතු දේ ලියා තබමි. සමහරවිට ඇගේ ජීවිතයේ කතා කරන්නට තරමි වැදගත් දේවල් හෝ දෙන්නට තරම් වටිනා සමාජ පණිවිඩයක් ඇයට නොමැති නිසා ඇගේ සාකච්චාවේ, මගේ ගැන කතා කලා විය හැක.
කවදත් කියන්න තියෙන දේ කෙලින්ම කියන මා අද ද එසේ කරන්නේ කිසිදා හොරයක්, බොරුවක්, වංචාවක් , අශීලාචාරකමක් නොකරන අයට ඇති සෘජු කශේරුකාව මටද එලෙසින්ම පිහිටා ඇති නිසාය....

ඇත්තෙන්ම මෙම පණිවිඩය මට එව්වේ සමගි ජන බලවේගයට දේශපාලනික වශයෙන් සහයෝගය දෙන මගේ ඉතාමත් හිතවත් රසිකයෙකි, මිතුරෙකි.

ඔය පිටවෙන්නෙ ඊරිසියාව, කුහකකම..

Nilmini Sanjeewani 003

" අක්කෙ, මෙන්න මෙයා කියන දේ බලන්නකො...දැන් දේශපාලනයට අකමැතියි කියන්නෙ..රට අත්හැරල යනවලු. කාන්තාවන් වෙනුවෙන් කතා කරනවලු...අනේ, එයාගෙ අතීතෙ කවුද නොදන්නෙ. කාන්තාවන් ගැන කතාකරන්න කලින් හරියට වයසට ගැලපෙන ඇදුමක්වත් ඇදින්න එපැයි...ඇගෙන් බාගයක් ඇරගෙන ඇවිත් වැඩසටහන පුරාවට ඇඳුම හද හද හිටිය. ගෙදරට කොට කලිසං අදින කතා තමයි කියෙවිවෙ. වයස වහගන්න ෆුල් try එක. .මේ කතාව අහල බලන්නකො. ඔයාවත් විවේචනය කරල තියෙනවා...." ඔහු කියාගෙන ගියා.

" අනේ මල්ලී , කාටද ඔය බනින්නෙ ?..ඉන්න මං බලන්නම්...කවුරු මොනව කිව්වත් මම නම් ගනන් ගන්නෙ නෑ මල්ලි, පිට රටක පදිංචිව හිටියත්, රටට අවශ්‍ය වෙලාවෙ නැවත ඇවිත්, රුපියලක්වත් මහජන මුදල් අවභාවිතා නොකර මගේ පෞද්ගලික මුදලින් රටට මට හැකි උපරිම සේවය ස්වේච්ඡාවෙන්ම කරල නැවත කිසිඳු තනතුරක්, ප්‍රතිලාභයක් නොගෙන මා ජීවත්වන ඇමරිකාවට, මගේ දරුවන් ලඟට නැවත ආපු කෙනෙක් මං. ප්‍රතිලාභ, තනතුරු අරගෙන රට විතරක් නෙමෙයි පොහොට්ටුව නාමයත් විනාශ කරන සම හරක් අතර මම නෑ....ඒ නිසා දෙපැත්තෙ ඉදන් බුරන බල්ලන්ව මම එතරම් තකන්නෙ නෑ..."මම පිළිතුරු දුන්නෙමි.

" ඔව් අක්කෙ, ඔය පිටවෙන්නෙ ඊරිසියාව, කුහකකම..ලස්සන පවුල් ජීවිතයක් ගතකරන් අක්කල ගෙවන සාර්ථක ජීවිතය බලන්න බැරි තරම. කෙටියෙන් කිව්වොත් අසහනය. අක්ක ඔික බලලම මට කතා කරන්නකෝ ".... මට හිනාත් ගියා ඔහු කියපු විදිහට....බලමු....
වීඩියෝව දිග හැරෙනකොටම ඒ මල්ලී කියපු දේවල් ඇත්ත බව මට තේරුනා.

වගකීම් විරහිත ලෙස ප්‍රකාශයන් නිකුත් කරන, ක්‍රියාකරන, පවතින රජයේ ඇතැම් මැති ඇමතිවරුන්ට එල්ල වන මහජන අප්‍රසාදයත්, වටපිටාව වෙලාගත් කොරෝනාව හමුවේ දැඩි මානසික ආතතියකින් පෙලෙන මිනිසුන්ගේ ගැටළුත් සමඟින් ඇතැම් පාර්ශවයන්ගෙන් රජයට ඇගිලි දිගුවද්දී, තමන් කලේ දේශපාලනයක් නොව, තමා කතා කලේ කාන්තාවන් වෙනුවෙන් පමණක් බව පවසා ඇග බේරාගන්නට, වෙනම image එකක් හදාගන්නට එදා පොහොට්ටුව වෙනුවෙන් රට පුරා කතා කල ඒ ශිල්පිණිය දරන දැඩි උත්සාහයත්, ඒ වෙනුවෙන් ඒ නිවේදකයා කුණු රස අවුස්සමින් දෙන සහායත් පැහැදිලිව පෙනුනි.

ඇය කියන පලමුවන මුසාව ඇය එදින කතා කරන්නට ආවේ කාන්තාවන් ගැන බවය. . "ගෝඨාභය ට ජය" යනුවෙන් සදහන් වෙන පසුබිම් පුවරුව දුටු ඕනෑම කෙනෙක්ට මෙය මැතිවරණ ප්‍රචාරණ මාධ්‍ය සාකච්චාවක් බව අවබෝධ වේ. ඇයට තමා සහභාගී වන්නේ කුමකටද යන්න පිළිබදව වත් අවබෝධයක් තිබී නැත. මෙතෙක් ඇගේ මුළු ජීවිතයේම වටිනාම තීරණ අනවබෝධයෙන් ගෙන ඇති ඇය, ඉතා වගකීමෙන් ලස්සන පවුල් ජීවිත ගත කරමින් සාර්ථක ජීවිත ගත කරන අපේ මත පිළිබද බලෙන් ඇගේ අදහස් දැක්වීම විහිළුවකි.

එදා ගෝඨාභය රාජපක්ශ මැතිඳුන් වෙනුවෙන් දැඩි සේ කතා කරමින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියව පවා හෙලාදකිමින් පොහොට්ටුවට ඡන්ද එකතු කරන්නට නොපැකිල කතා කල ඇය ( එම සාකච්ඡාවේ ඇය කතා කල කොටස යූ ටියුබයේ ඇත.), අද ඇගේ වගකීමෙන් ගැලවෙන්නට අතහෝදාගන්නට හදන අයුරු මට නම් හාස්‍යජනක විය. ( මේ කියන " ඇය " එදා සුදත්ත, ලාල් අයියා සමඟ එම සාකච්චාවට සහභාගී වූ කුසුම් අක්කා නොව අනිත් කෙනා බව සලකන්න. ).

ඇය කතා කලේ දේශපාලනය නොව ගොවියන්, කාන්තාවන්, වකුගඩු රෝගීන් ගැන පමණක් බව ඇය කියයි . ඇයට ඔවුන් ගැන එතරම් කැක්කුමක් තිබුනානම්, මා මෙන් ක්‍රියාවෙන්, මුදලින්, ශ්‍රමයෙන් වැඩකරන්නට නොහැකිවුනාද?. .

එක් මෘර්ගාංගනාවියක්

Nilmini Sanjeewani 001

අප ඉතා කැපවීමෙන් එකතුවී වැඩකරන වකුගඩු රෝගීන් ගේ සංගමයට බැදුනා නම්, නිකන් කතා කරමින් නොසිට අවංකව එම රෝගීන් වෙනුවෙන් යමක් කරන්නට ඇයටත් හැකියාව තිබුනු බව මට සිතුනි. නැත, ඇයම එම සාකචිඡාවේ කොක් හඬලමින් කියන ලෙසට ඇයට දැන් අවශ්‍ය වන්නේ නැවත පෙලවහක් කරගෙන පැත්තකට වීමය.

ඒ සමග ඇය මෙසේද කියයි. ගරු විපක්ෂ නායක සජිත් මහත්මයා ඇයට පෞද්ගලිකව ආරාධනා කලද, ඇය මෙවර ගෝඨාභය මැතිඳුන්ට සහයෝගය දී ඇත්තේ ඇය හදිසි අනතුරකට මුහුණ දුන් මොහොතේ ගරු මහින්ද රාජපක්ශ අග්‍රාමාත්‍යතුමාත්, ශිරන්ති මැතිණියත් ඇයට උදව් කල නිසාලු.( ඇයව රාගම රෝහලට සිහිමුර්ජිතව රැගෙන ආ අවස්ථාවේ, ඇඟට දමන්නට ඇඳුමක්වත් නොමැති බව රෝහල් කාර්‍ය මණ්ඩලය දැනුම් දුන් විට, එවකට කඳානේ පදිංචිව සිටි මා සියල්ල පසෙකලා අවශ්‍ය රෙදි පිළි රැගෙන ගොස් කලයුතු යුතුකම් කල බව ඇයට දැන් අමතක වී ඇත. මා කල උදව් අමතක වුන එක පුදුමයක්ද,?.. ඇගේ කලින් කසාදයක සැමියා (ගායක) ඇය රෝහල්ගතකල දා සිට එක දිගටම ඇයට සිහි එනතෙක්ම බොහෝ අපහසුකම් මැද එතන දිවා රෑ වැටී සිටියා. නමුත් ඇය උදව් කල අනිත් අයව මතක් කරද්දී ඇයට ඔහුගේ නමත් අමතක වුනා.....හතුරෙකු වුනත් මැරෙන්න ගිය විට කරන උදව් මතක් කිරීමයි මනුස්සකම. ඔන්න ලොවට බොරු කරුණාවක් පෙන්වන " එක් මෘර්ගාංගනාවියකගේ " රළු පරළු හිත. )..එමෙන්ම ඇගේ සහය දුන්නේ,ගෝඨාභය මැතිඳුන් සහ එම මැතිණිය ඇගේ අසල්වාසීන් නිසාලු. ඒ ගෙදරින් බත් කා තිබෙන නිසාලු.ගෙදර හොරු කඩපු වෙලාවේ හොරා අල්ලගන්න උදව් කල නිසාලු . මට, අනේ අපොයි කියා සිතුනි.

එතකොට ඇයට "සෞභාග්‍යයේ දැක්ම" පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඇයට පෞද්ගලිකව නොව ,රටට පොදුවේ සුදුසු නායකයා කවුද කියා සොයා බලන්නට දැක්මක්, අවබෝධයක් තිබුනේ නැතිද ?
අසල්වාසියා කුමන ආකාරයේ කෙනෙක් වුනත් උදවි කල පමනින් ඇය ඔිනෑම කෙනෙකුව රටේ මුල් පුටුවට යෝජනා කරනවාද ?...එසේ නම් ඒ කාලේ කල බර සාර කතා වල පදනම කුමක්ද ?. එතරමි හෑලි නොකියා, මට උදව් කල නිසා මමත් උදව් කරනවා කියන්නට ඇයට තිබුනි.

කෙසේ වෙතත් මා ද පෞද්ගලික හිතවත්කම් ගැන එසේ සිතුවා නම් එදා මා හිටගත යුතුව තිබුනේ විපක්ෂ නායකතුමාගේ කඳවුරේය. මන්ද එතුමන්ව මා දන්නේ බොහෝ කලෙක සිට නිසාය . මා ඉතා ගරු කල රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් ගේ ඇරයුමින් උදා ගමි ගනනාවක යොවුන් ගායිකාවක ලෙස " ඔබ මට විශ්වාසයි" යන ගම් උදා ගීය ගැයූ නිසාය.පාස්කු ප්‍රහාරයට සති දෙකකට පමන පෙර මා යම්‍ කලාකටයුත්තකට ශ්‍රී ලංකාවට පැමිණි වෙලේ ,සජිත් මැතිතුමාට කතා කොට , ඔහු එවකට සංස්කෘතික කටයුතු ඇමති බැවින් , දිරාපත්ව යන සිරිමා බොධීන් වහන්සේ නැවත සවිශක්තිමත් කිරීමට ඇමරිකාවෙි වෙසෙන ශ්‍රී ලාංකික ධානපතීන් කැමැත්තෙන් පසුවනවා, සහ එය කෙසේ සිදුවිය යුතුද යන දේ සාකච්චා කල නිසාය....

නමුත් පාස්කු ප්‍රහාරයත් සමඟ ඒ සියල්ල දෙදරා ගියේය. පැය කීපයක් එහා මෙහා නොවන්නට මගේ ජීවිතයද මා ප්‍රියාදර ශාන්තා මායාදුන්නේ සොයුරියගේ සහ නිසංගා ආදරණීය දුවණියගේ මෙන් නැතිවන්නට ඉඩ තිබුනි.පල්ලි වල එදා ගලා ගිය අසරණ මිනිස් ලේ දහරාව, ඒ මේ අත විසිරුනු මොල කැබලි, අත් පා කැබලි, තමාගේ ඥාතීන් සොයමින් හිස් ලූ ලූ අත දුවන ,හඩා වැලපෙන අහිංසක කතෝලිකයන් මා සියැසින් දුටුවෙමි. එදා සිට අද දක්වා පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූවන්ට සරණ වීමට කතෝලික සභාවද සමඟ එකතු වී, මගේ පෞද්ගලික මුදලින්ද , පින් සිත් ඇති විදෙස්ගතව සිටිනා මගේ මිතුරන්ගේ පරිත්‍යාග වලින්ද ...යමක් කිරීමට වෙර දරමි. ඒ මනුශ්‍යත්වය වෙනුවෙන් මගේ පෞද්ගලික වගකීම මා හදුනන බැවිනි.

ඒ අමානුශික අන්තවාදී ප්‍රහාරයට අත්වැල සැපයූ ඇතැම් මුසල්මානු නායකයන් සජිත් මැතිඳුන් සමග අත්වැල් බැදගෙන ඔවුන්ගේ වියරු මුහුනු වලින් රට පුරා පෝස්ටර් ඇලවෙන විට, අර ශිල්පිණිය කී ලෙසට , හිතවත්කමට මට ඔවුන් හා එකට සිටගැනීමට බැරිවිය. ප්‍රභාකරන් කී ලෙසට සිංහලයාට සියළු දේ මතක තියෙන්නේ සතියකට පමණක් බැවින් මෙි ටිකද ලියමි. එදා ඔබ සැම මෙන් මා ද රූපවාහිනියේ දිනපතා ප්‍රවෘත්ති නරඹද්දී, සැමදා දුටුවේ සාෆි නම් වෛද්‍යවරයෙක් තමන් වඳ භාවයට පත්වන ලෙස කල ශල්‍යකර්ම ගැන කියමින් අඩාවැලපෙන සිංහල මවිවරුන්ය. බෙහෙත් පෙත්තෙන් පවා අසරණ ලෙඩුන්ගෙන් ගසා කනවා කියන අමාත්‍යවරුන්ය..මේ සියළු දෙනා එකාවන්ව හිටගත්තේ කලක් මා දන්නා හදුනන සජිත් මැතිඳුන් පිලේය. පසුව ඔහුගේ තෝරාගැනීම් රටට යහපත් නොවන බව මට පැහැදිලි විය.

මා විවෘත ලිපියක් ලියා මගේ අප්‍රසාදය ඒ කදවුරට පලකොට ,අනාරක්ශිත මගේ රට (මා මෙහි ජීවත් වුනේ නැතත්) ඉන්නා මිනිසුන්ට රැකදිය හැකි තැනැත්තා කවුද කියා නාමයෝජනා අතරින් සොයා බැලුවෙමි. ඒ වෙනකෙකු නොව යුධ සමයේ ගෞරවනීය සේවයක් රට වෙනුවෙන් කල රාජ්‍ය සේවක ගෝඨාභය රාජපක්ශ මහතා බවට මා තීරණය කලෙමි.එය මගේ අයිතියයි. මගේ සහයෝගය පොහොට්ටුවට හිමි වන්නේ එලෙසිනි. නැතුව අර ශිල්පිණිය කල වගකීමි විරහිත ප්‍රකාශය මෙන් පෞද්ගලික දැන හැදුනුම් කම්‍ මත මා රටට අවශ්‍ය නායකත්වය තීරණය නොකලෙමි.

කෙසේ වෙතත්, අද වන විට පොහොට්ටුවට සහයෝගය දීමට අපව පෙළඹවූ ප්‍රධානම සාධකය වන පාස්කු ප්‍රහාරයට ලක්වූ අසරණ කතෝලික ජනතාවට සාධාරනයක් තවමත් ඉටුවී නොමැති බව පිළිබද යම් කලකිරීමක් ඇති බව කිවයුතුමය. රටට සෙතක් කරාවි යයි බලාපොරොත්තු වුනු ඇතැම් මැති ඇමතිවරුන් ගේ වගකීම් විරහිත හැසිරීම් සහ බොහෝ අවභාවිතාවන් නිසා රට වෙනුවෙන් බලාපොරොත්තු සහගතව අප සහයෝගය දුන් ජනපතිඳුන් සහ රජයද අපකීර්තියට ලක්වෙමින් පවතින බව නොකියාම බැරිය. ඇතැම් විට නුසුදුස්සන් , දේශපාලන හෙංචයියන් වුනු නිසාවෙන් ආයතන සභාපතීන් ලෙස සහ වෙනත් ඉහළ නිලවලට පත්කල වැරැද්දෙන් බොහෝ රජයේ ආයතන වල පවතින තත්වය කිසිසේත් රටට යහපත් නොවන බව පැවසිය යුතුමය. මෙයට මා හොඳින්ම දන්නා හොඳම උදාහරණය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මගේ පෞද්ගලික මුදලින් ලක්ෂ කීපයක් වියදම් කරගෙන ඉන්ධන වියදම තරමිවත් වූ ප්‍රථිලාභයක් එම ආයතනයෙන් ලබානොගෙන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස ගරු සේවයක් ලබා දුන් මා , එහි පවතින පාලන අධිකාරිය සමග අවංක සේවයක් කල නොහැකි බව තේරුමි ගියෙන් , බොහෝ අවභාවිතාවන් ගැන මා හට ලියකිවිලි සහිතව ඔප්පු කල හැකි සියළු ⁣කරුණු එවකට හිටි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාටද, ගරු ජනපතිඳුන්ට ලබා දෙන ලෙස ජනපති ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතාටද ලබා දී පසුගිය වසරේ නොවැම්බර් මස අධ්‍යක්ෂක මඬුල්ලෙන් ඉල්ලා අස්වීමි. මසක පමන ඇවෑමෙන් හිටපු සභාපතිතුමාට ඉල්ලා අස්වීමට සිදුවූ අතර,එවකට හිටි අධ්‍යක්ෂන මණ්ඩල සාමාජිකයන් වූ , නෙළුම් මාවතින් පත්කර එවූ සිසිර මුණසිංහ ද , තමා බුද්ධි අංශයේ බව නිතර ප්‍රකාශ කල හිටපු සභාපතිගේ කිටිටුමවන්තයෙකු වූ නිපුණ වාහලතන්ත්‍රී ද ( පසු කලෙක ඔහු බුද්ධි අංශයේ කෙනෙක් නොවන බව බුද්ධි අංශයෙන්ම අනාවරනය විය.බොරුවට යමෙක් බුද්ධ් අංශයේ බව පැවසීම සිරගත විය හැකි වරදක් බව ඔවුන් පැවසීය ) , ගාමිණි විජේවර්ධන , යන මහත්වරුන් ඇතුළු සැමවද ඒ සමගම විසුරුවා හරින ලදී. නමුත් පුදුමයක මහත, ඉතා ගෞරවනීය අමාත්‍යවරයෙකු වන ඩලස් අලහප්පෙරුම මැතිදුන් නව ජනමාධ්‍ය අමාත්‍යධූරයට පත්වන්නට පෙර නැවතත් විසුරුවා හැරි අධ්‍යක්ෂ මඩුල්ලම කෙසේ හෝ නැවත පත්වී ඇත.. ( මා දන්නා පරිදි නිපුන වාහලතන්ත්‍රී පමනක් එහි නැත )

එම ආයතනය තුල දෙන්නට යන, කාඩරයෙන් එහා ගිය නුදුදුසු පත්වීම් ස්ථීර වුනොත් දැනටත් රාජ්‍ය භාන්ඩාගාරයට ඇති කෝටි ගනනක ණයට තවත් කෝටි ගනනක් එකතුවිය හැකි බව මා වත්මන් ගරු ජනමාධ්‍ය ඇමතිතුමාටද, වත්මන් ගුවන්විදුලි සභාපතිතුමාටද ඇමරිකාවෙි සිටම දැන්වූයේ මට ලැබෙන අබ ඇටයක ප්‍රථිලාභයක් නිසා නොව මා දැනුවත්ව යම් වැරදි ක්‍රියාවක් මා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක්ව සිටි රාජ්‍ය ආයතනයක වෙනවා නම් ,ඒ ගැන වගකිවයුත්තන් දැනුවත් කිරීම ද ,පවතින රජයට සහාය දුන් මගේ වගකීමක් සේ මා හිතන බැවිනි.ඉතා වගකීම් සහගත ගෞරවනීය අමාත්‍ය වරයෙක් වන ගරු ඩලස් අලහප්පෙරුම මැතුතුමා අභිනව ජනමාධ්‍ය ඇමති බවට පත් වූ නිසා සමහරවිට අධ්‍යක්ෂ ජෙනරාල් හෝ දේශපාලන හෙංචයියන්ට ඕන ඔින ලෙසට ගුවන්විදුලියේ නුසුදුසු පත්වීම් ලබාදීම වැලැක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. නැතහොත් පොලිස් පැමිණිලි තිබෙන, අවම සා පෙළ සුදුදුකම්වත් නොමැති චන්ඩින්ට පිං පඩි ගෙවන්නට වෙන්නේ අසරණ ජනතාවගේ බදු මුදල් වලිනි.

මගේ සුදුසු කම් හොයමින් බොරු පෝස්ටු හදන පක්ෂ, විපක්ෂ මඩ කරියන් මාගේ ප්‍රථිපත්ති පිළිබද නොදන්නා නිසා ඔවුනට අනුකම්පා කරමි. මා ඇමරිකාවේ පාසැලක ප්‍රධාන ගුරුවරියක ලෙස සේවය කරන්නේ සුදුසු කම් ඇති නිසාද නැති නිසාද යන්න ඒ පුංචි, හිස් මොළ වලට වැටහේවා.!

කෙසේ වෙතත් නැවතත් අර බාල බොළද ප්‍රකාශ කරන ශිල්පිණිය දෙසට හැරෙනවානම්, එම සාකච්ඡාවේදී සජිත් මහතා ඡන්දය දුන්නොත් නිකං දෙනවාය කියා පොරොන්දු වූ සනීපාරක්ශක තුවා දීමනාව ගැන මා කල ප්‍රකාශයට ඇය අකමැති වූ බව දැන් ඒ කඳවුරු වලින් ලකුණු දා ගැනීමට ඇය පවසයි. ඇත්තෙන්ම මට ඇයගේ කැමැත්තෙන් ,අකමැත්තෙන් කිසිඳු පලක් නැත. ඇය චන්ද්‍රිකා මැතිනිණියට දොස් තබමින් කල කතාවට මමද අකමැති වුනෙමි.එමෙන්ම ඇගේ ජීවිතයේ සමහර චරියාවන් වලට මමද කැමති නැත. නමුත් අනුන්ගේ ප්‍රකාශ ගැන හෝ චරියාව ගැන අදාල නොමැති මත පල කිරීම ඇය මෙන් මම නොකරමි. ඇගේ කැමැත්ත අකමැත්ත අනුව මා වැඩ කලානමි, මේ වන විට මටද ඇය මෙන්ම යන එන මං නැත. .

එමෙන්ම මා එම ප්‍රකාශය කරන අතරතුර ඇය වරින්වර මගේ කකුල මිරිකූ බව ඇය පවසයි. එවැන්නක් කිසිසේත් සිදු නොවුන අතර කාන්තාවකගේ කකුල මිරිකන්නට ඇයට සිතෙනවානම් එය අමුතුම ආකාරයේ මානසික ලෙඩක් බව මට සිතේ.

ඇය ගැන කියන්න බොහෝ පෞද්ගලික දේවල් මටද තිබේ. සමහරුන් මුදලට විකුනුන හැටි, විකුනුන අය ,සහ තම විවාහ ජීවිතය කඩා කප්පල් කරගත් විලාසය , හොද කාන්තාවක් ලෙසට ලෝකෙටම මවා පෑවත් ඔවුන්ගේ විවාහය දෙදරුන සත්‍ය හේතුව දන්නෝ දැන සිටියත් ඒවා විස්තරාත්මකව විවේචනය නොකරමි. මන්ද ලොරියක් පිරෙන්න ඇති ඒ කුණු ගොඩවල් අවුස්සා හතර වට ගද ගැස්සවීමට මට අවශ්‍ය නොමැති නිසාය. මේ ටිකද ලීවේ ඇය මා පිළිබද අනවශ්‍ය ප්‍රකාශ කරමින් ඉල්ලන් කෑ නිසා පමණී. අනුන් විවේචනය කරන්නට ඇය යොදවන කාලය තමාගේ පවුල වෙනුවෙන් යොදවන්නට ඇයට හැකිවුනානම් ,ඇය අද දරුවාද සමග ජීවිතයේ තනි නොවනු ඇත.

රටේ උපරිම අනාරක්ෂාවක් තිබුනු සමයක 97 වතාවක් දන්වලත් අසරණ මිනිස් ජීවිත රැකගන්න අපොහොසත්වුනු කඳවුරක නායකයන්, අපට නැවත ඡන්දය දුන්නොත් සනීපාරක්ශක තුවා නොමිලයේ දෙන බව කියා ,ඉටුකල නොහැකි පොරොන්දු දීමට වඩා, මුලින්ම කලයුත්තේ රටේ අන්තවාදීන්, ඊළාමිවාදීන් සහ වඳ දොස්තරවරුන්ගෙන් ලාංකීය කාන්තාව රැකගැනීම බව මා ප්‍රකාශ කලේ හැමදාමත් හිඟන මානසිකත්වයකට ජනතාව ඇද දමමින් ඡන්ද කඩාගන්නට අන්තවාදීන් පෙරටු කොටගත් කඳවුරක් දරන උත්සාහයට අකමැති නිසා මිස කිසිවෙකුට අපහාස කරන්නට නොවේ.

69 ලක්ෂයකගේ ආශීර්වාදය තව දුරටත් පවතින රජයට නොලැබෙනු ඇත.

Nilmini Sanjeewani 002

මන්දයත් අපහාස කලාව මා ප්‍රිය කරන හෝ ප්‍රගුණ කල දෙයක් නොවෙි . ජනාධිපතිවරනය කාලයේ පවා මා විවිධ රැස්වීම් වල ජනතාව අමතන විට , යුද්ධය ගැන කතා කල හැම මොහොතකදීම අතීශය ගෞරවයෙන් එවකට ජනපති මහින්ද රාජපක්ශ මැතිඳුන් මෙන්ම එවකට හමුදාපති සරත් ෆොන්සේකා මැතිඳුන්වද ස්තූතිපූර්වකව සිහිපත් කලෙමි. ඔහු වෙනත් දේශපාලන කඳවුරක වීම මට අදාල නොවීය. මා කෘතගුණ දැක්වූයේ භීෂණ යුධ සමයේ රට වෙනුවෙන් කැපවුන ගෞරවනීය හමුදාපතිතුමෙකුටය. එමෙන්ම මා ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ " සංජීවනී සමඟ සංවෙිදී පැයක්" ඉදිරිපත් කරන සමයේ ඉතාමත් ගෞරවයෙන් ආදරණීය රෝසි සේනානායක මැතිණියට සාකච්චාවකට ආරාධනා කලෙමි. ඇයද එම ආරාධනාව පිළිගෙන පැමිණි අතර අපගේ ප්‍රථම පුරපතිනිය ලෙස මෙන්ම, ලෝක විවාහක රෑ රැජිනිය ලෙසටද , ප්‍රබල දේශපාලන චරිතයක් ලෙසද මා වැඩසටහන පුරා ඇයට විශාල ගෞරවයක් ලබා දුන්නෙමි. කදවුර කුමක් වුවත් රට වෙනුවෙන් යමක් කල අයට මා අදාල ගෞරවය ලබාදෙන්නට මැලි වන්ටන් නැත.

කෙසේ වෙතත් සනීපාරක්ශක කතාවට නැවත එනවානම් ,කාන්තාව පිළිබද එතරම් අනුකම්පාවක් තිබුනානම් බලය තිබුනු කාලයේද ඔවුන්ට එම උදාර දීමනාව දිය හැකිව තිබුනි.නමුත් සනීපාරක්ෂාව තබා ගියවර ඔවුනගේ ඡන්ද පොරොන්දුවක් වූ, බලයට ආ විට උකස් තැබූ රන් ආභරණ පොලී නැතුව බේරා ගන්නට ඉඩ සලසා දෙනවා කීමද කිසිදා ඉටු නොවූ බවට එදා කාන්තාවන් මැසිවිලි නැගුවෝය.

කෙසේ වෙතත් නොමිලයේ දෙනවා නමි සනීපාරක්ශක තුවා පරිත්‍යාග කිරීමට හොඳම කාලය මෙයයි. මන්ද යත් කොරෝනා අභියෝගයත් සමග ජනයා ආර්ථික අතින් බොහෝ ගැටළු වලට මුහුණ පා ඇති නිසාය. නමුත් ඔවුන් එම පොරොන්දුව දැන් කරන්නේ නැත. මන්ද ඔය පොරොන්දු ලැබෙන්නේ ඡන්දය දෙනවානම් පමණක් වීමය. සිහිබුද්ධියක් ඇත්තෝ කල්පනාවෙන් සිතා බලත්වා.

ඒ වගේම පවතින රජයෙන් කරන ප්‍රශංසාත්මක වැඩපිළිවෙල අගය කරන අතර, රජයට අපකීර්තියක් අත්පත් කරදෙන ක්‍රියාවලියක නිරතවන රජයේම ඇතැමුන් පිළිබදවද අප්‍රසාදයෙන් සදහන් කරමි. නමුත්,කොරෝනාවද මහත් අභියෝගයක් වී ඇති මෙවන් සමයක කෙසේ හෝ සිදු වුනු ප්‍රමාද දෝශයන් මගහරවා ගෙන , " එක රටක්- එක නීතියක්" ඉදිරියට හෝ ක්‍රියාත්මක කර, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරනය ඉටු කර, සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව දුන් පොරොන්දු ඉටු කරමින් කටයුතු කිරීමට ඉදිරි වසර තුන තුල ගරු ජනාධිපතිතුමාට සහ රජයේ වගකිවයුත්තන්ට හැකිවෙිවා කියා, එම ප්‍රතිපත්ති ප්‍රකාශය විශ්වාස කරමින් රජයට සහයෝගය දුන්නෙකු ලෙස රට වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.

එසේ නොවුනහොත් 69 ලක්ෂයකගේ ආශීර්වාදය තව දුරටත් පවතින රජයට නොලැබෙනු ඇත.

ඉහත මා සදහන් කල ශිල්පිණිය මෙන් වැරදෙන තැන සහයෝගය දුන් කඳවුර අත් නොහරිමි. නමුත් සිදුවන වැරදි වසමින් ආවඩන්නට තරම් වහලෙකු හෝ එහෙයියෙකුද නොවෙමි. රජය කරගෙන යන ප්‍රශංසාත්මක කර්තව්‍යන්ට ආශීර්වාද කරමි.
විදෙස්ගතව ජීවත්වුනද රටේ මිනිසුන්ට පක්ෂ, පාට භේදයක් නොමැතිව උදවි කිරීම හැකි හැමවිටම සිදු කරමි.

පහතින් මා අමුණා ඇත්තේ මා ලංකාවට පැමිණ රට වෙනුවෙන් කිසිම ප්‍රථිලාභයකින් තොරව, පක්ෂ හේදයක් නොබලා රටෙි ජනතාවයට කල සේවයෙන් බිදකි. තම පෞද්ගලික ජීවිතයේ අසාර්ථකභාවය උහුලාගත නොහැකි තැන, තමන්ගේම කඳවුරේ අනුන්ට ඇගිලි දිගු නොකරමින්, විවෙිචනය නොකරමින් ,හැකි නම් පාස්කු පුහාරයෙන් අසරන වූ අපේම මිනිසුන්ට,පාසැල් වලට, රෝගීන්ට, කොරෝනාවෙන් අසරණ වූ ජනතාවට, නවක වධයට ලක්වූ අසරණ සිසුන්ට, ආයතන නගා සිටුවන්නට, හමුදා සෙබළුන්ට,කාන්තා සංවිධානවලට,දරුවන්ට, අපචාරයට ලක්වූ දියණියන්ට, මා කල සේවයෙන් දශමයක්වත් කරන්නට ඉහත කී වියපත්වුවද තාමත් සමනල් සිහින තුල සැරිසරන එම ශිල්පිණියට හැකියාව, බුද්ධිය ,වුවමනාව සහ හැදියාව පහලවෙිවා කියා පතමි.
ඔබ සැමට බුදු සරණයි , දෙවි පිහිටයි. .

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top