Dec 15, 2021

ක‍්‍රීඩකයා හා පේ‍්‍රක්ෂකයා

ගැටුමක් නොමැති තැන නාට්‍යක් නොමැති බව වරක් ලෝක පූජිත නාට්‍ය කරුවෙකු වන බර්නාඞ් ෂෝ ප‍්‍රකාශ කර සිටියේය. ෂෝ ප‍්‍රකාශ කර සිටියේ නාට්‍ය හා ගැටුම අතර එකිනෙකට නොදෙවනි සම්බන්ධතාවයක් ඇති බවයි. නාට්‍යයේ ගැටුම තුළින් නිරන්තරයෙන් පරස්පර විරෝධි මත නිර්මාණය වීම තුළින් පේ‍්‍රක්ෂකයා නාට්‍ය තුළ රදවා තබා ගැනීමට ද කුතුහලය ඇති කිරීමට ද හැකියාවක් ඇත.

සාහිත්‍ය එසේ වෙද්දී ක‍්‍රීඩාව හා පේ‍්‍රක්ෂකයා යන සිද්ධි දාමයන් එකිනෙකට බද්ධව පවතී ද යන්න ද සොයා බැලිය යුතුය. ක‍්‍රීඩකයා හා පේ‍්‍රක්ෂකයා වනාහි මනුෂ්‍යයෝය. ක‍්‍රීඩාවේදී මේ දෙදෙනාටම ඇත්තේ එකම අරමුණකි. එනම් ජයග‍්‍රහණයයි. ක‍්‍රිඩකයාට ජයග‍්‍රහණය අවශ්‍යයය නමුත් යම් හෙයකින් පරාජයට පත් වුව හොත් පරාජයේ කටු ඔටුන්න ද හිසෙහි දරා ගැනීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටී.නමුත් පේ‍්‍රක්ෂකයා මෙතැනින් වෙනස් වේ. පරාජයේ බලාපොරොත්තු ඔහුගේ සිත අහලකවත් නොමැත. ඔහුට අවශ්‍ය වනුයේ ජයග‍්‍රහණය පමණකි. එය එසේ වන විට පේ‍්‍රක්ෂකයාගේ කෑ මොර දීම,ප‍්‍රාර්ථනාවන්,ධෛර්ය හා අධිෂ්ඨානය ක‍්‍රීඩකයාට වඩා සිය ගුණයකින් වැඩි වේ. එවිට ක‍්‍රීඩකයාට පේ‍්‍රක්ෂකයාගේ හිත රිදවීමට නොහැක. ජයග‍්‍රහණය කරා යන වේගය හා අධිෂ්ඨානය ඔහුගේ ලෙය මත කකියන්නේ එවිටය.

යම් සිනමා නලූවෙකුගෙන් හෝ ටෙලි නාට්‍ය නලූවෙකුගෙන් ඔහු වැඩිපුරම රගපෑමට කැමති ස්ථානය කුමක්දැයි ඇසුවහොත් සියයට හැත්තෑ පහක්ම ප‍්‍රකාශ කරනු ලබන්නේ එය වේදිකාව බවයි. එයට හේතුකාරක ද තිබේ. යම් දෙබසකට පණ පොවනු ලබන්නේ නලූවා ය. එම දෙබස රලූ,ප‍්‍රියජනක හෝ බැ?රුම් වනුයේ ඔහුගේ ප‍්‍රකාශනයත් සමගය. කැමරාවක් ඉදිරියේ රගනවාට වඩා පේ‍්‍රක්ෂකයා ඉදිරියේ රගන විටදී එම දෙබස තවත් සජීවී හා ජිවමාන වනුයේ පේ‍්‍රක්ෂකයා ද නිසර්ගයෙන් වේදිකාවේ චරිතයක් වී එය නැරඹීම නිසා ය. ක‍්‍රීඩාවේදී ද එසේම ය. ක‍්‍රීඩකයා පිටිය තුළ ක‍්‍රීඩා කළ ද ක‍්‍රීඩකයාට ආරූඪ වී පේ‍්‍රක්ෂකාගාරයේ සිට හෝ නිවසේ පුටුවක සිට ක‍්‍රියාකරනුයේ පේ‍්‍රක්ෂකයාය. ක‍්‍රීඩකයාට ක‍්‍රීඩාංගණය වටා සිටින පේ‍්‍රක්ෂකයාගේ බලාපොරොත්තු සහිත දෑස් දුටු විට නිතැතින්ම දේශානුරාගය නමැති උත්තේජන එන්නත් වනුයේ මෙතෙකැයි කිව නොහැකි ආකාරයට ය. පීඩනය ක‍්‍රිඩාවට අතවශ්‍යම අංගයකි. යම් රටක පේ‍්‍රක්ෂකයන් එම ක‍්‍රීඩාව වටා වැඩි වශයෙන් රොක් වෙයි නම් එය ක‍්‍රීඩකයාට දැඩි පීඩනයක් ගෙන දෙයි. ඔහු එම පීඩනය යහපත් අතට පෙරළා ගත යුතුය. සරලවම කිව හොත් පේ‍්‍රක්ෂකයන් තරග නැරඹීමට නොමැති නම් එතැන පීඩනයක් නොමැති අතර පීඩනය නොමැති නම් ක‍්‍රිඩාවේ තරගකාරීත්වය ද පසු බසින්නේ බලාසිටියදී ය.

කොවිඞ් මාරයාට දොරගුලූ විවෘතව ඇති මෙම සමයෙහි එංගලන්තය හා ඉන්දියාව අතර , පකිස්ථානය හා බටහිර ඉන්දීය කොදෙවිව අතර ද ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන දේශිය තරගාවලිය ද නිමාවූ 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල තුළ ද මෙම කොවිඞ් රෝගය ව්‍යාප්ත වීමට ප‍්‍රථම ලෝකයේ ක‍්‍රිඩකයන් තුළ තිබූ ජවය ද වත්මනයේ ඔවුන් තුළ දැක ගත හැකි ජවය ද සංසන්දනය කළ හොත් ඉතාම විඩාබර අලස ක‍්‍රීඩා විලාසයක් ඔවුන් තුළ දැක ගත හැකිය. ක‍්‍රිකට් පිටියේ විජ්ජාකරුවන් හෙවත් බටහිර ඉන්දිය කොදෙව්වන් තම ප‍්‍රීතිය සැමරීමේ අපූර්ව ක‍්‍රමවේදයන් සියල්ලම භාවිතයට ගනු ලබන්නේ පේ‍්‍රක්ෂකයාගේ ආකර්ශනය ලබා ගැනීමටත් ඔවුන්ගේ මන දොළ සැපිරීමටත්ය. නමුත් මේ ගෙවෙන කාලය තුළ කොදෙව්වන්ගේ හැසිරීම ඉතා මන්දගාමී හා අලස බව තරග නරඹන්නෙක් නම් ඔබට හැගී යනු ඇත.

රට හෝ ජාතිය යන්න ක‍්‍රීඩාවේදී නිරන්තරයෙන් ඔද වඩන වචන වූව ද බොහෝ අවස්ථා වලදී නොකියවෙන්නේ ක‍්‍රීඩකයන් තම පේ‍්‍රක්ෂකයාගේ සතුට සොම්නස වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන බවයි. ශ‍්‍රී ලංකාව හා පැවති එක්දින තරගයකදී කොදෙව්වන්ගේ බල කණුවක් වන රැුමනරේෂ් සර්වාන් ගේ හිසෙහි දිල්හාර ප‍්‍රනාන්දුගේ අධිවේගී පන්දුවක් වදිනුයේ ඔහුට ද සිතා ගත නොහැකි අන්දමට ය. ඔහුව ක‍්‍රීඩාගාරයට රැුගෙන යනුයේ ගිලන් ඇදක තබාගෙන ය. නමුත් තරගයේ අවසන් අවස්ථාවේ කඩුලූ නොමැතිව තරගය පරාජය වන බව දුටු සර්වාන් දහස් ගණනක පේ‍්‍රක්ෂකයන්ගේ සිත් සතන් සුවපත් කරමින් නැවත පිටියට පැමිණෙමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේ ක‍්‍රීඩකයා හා පේ‍්‍රක්ෂකයා අතර පවතින බැදීම මොනවට තහවුරු කරමිනි. එසේම ඕස්ටෙ‍්‍රිලියාවේ ස්ටීවන් ස්මිත් , ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ වැනි ක‍්‍රීඩකයන් ද දරුණු ආබාධ සහිත ව තරගයෙන් ඉවත්ව නැවතත් එම තරගයේම අසීරු අවස්ථාවේ දී නැවත පැමිණීයේ සුවහසක් පේ‍්‍රක්ෂකයාගේ බලාපොරොත්තු නැන්වීමට බැව් නොරහසකි. ඒ අනුව ක‍්‍ර‍්‍රීඩකයා පේ‍්‍රක්ෂකයා වෙනුවෙන් ද පේ‍්‍රක්ෂකයා ක‍්‍රීඩකයා වෙනුවෙන් ද බැදී සිටිනවා යැයි කිව හැකිය.

තත්ත්වය එසේ වුව ද පේ‍්‍රක්ෂකයා තුළින් අනවශ්‍ය කාරණා ද බහුල වශයෙන් ක‍්‍රීඩකයන්ට සිදු වූ අවස්ථා ද දැක ගත හැකි අතර එමගින් ක‍්‍රීඩාවේ ජීව ගුණයට ද ක‍්‍රීඩක පේ‍්‍රක්ෂක සම්බන්ධතාවට ද දරුණු ප‍්‍රතිවිපාක ගෙන දී ඇති බව ඉතිහාසයෙන් හා වර්ථමානයෙන් උගනිය හැකිය. හිටපු පකිස්ථාන ක‍්‍රීකට් නායක ඉන්සමාම් උල් හක් තරබාරු ක‍්‍රීඩකයෙකු හෙයින් වරක් ඔහු ක‍්‍රීඩාගාරයට එන විට පේ‍්‍රක්ෂකයෙක් එලිෆන්ට් ලෙස ආමන්ත‍්‍රණය කළ නිසාවෙන් උරණව ඉන්සමාම් පිත්ත රැගෙන ඔහුට පහර දීමට තැත් කළේය. ඕස්ටෙ‍්‍රිලියාවේ ඇන්ඩ‍්‍රි සයිමන්ඞ්න්ස් ට එක් අවස්ථාවක දී වදුරු මුහුණවල් හා කෙසෙල් ගෙඩි යොදා ගනිමින් අපහස කළේ ඉන්දියානු පේ‍්‍රක්ෂකයන් ය. තවත් වරෙක ඕස්ටෙ‍්‍රිලියාවේ ස්ටීවන් ස්මිත් ට අපහස කරේ එංගලන්ත ජාතිකයන් ය.

මේ ආකාරයට පේ‍්‍රක්ෂකයන් තුළින් මෙවැනි වාතාවරණ පැන නැගීම නම් අනුමත කළ නොහැක්කකි. තම තමන්ගේ එකිනෙකාගේ අවශ්‍යතාවය ක‍්‍රීඩකයන් හා පේ‍්‍රක්ෂකයන් දැන ගත යුතුම ය. ක‍්‍රීඩා කීරීමේ දක්ෂතාවය සියල්ලන්ට ම නොමැති බවත් එය ඇත්තවුන්ට සහයෝගය හැකි අයුරින් ලබාදෙමින් ආදරය නමැති මානුෂිකත්වය ක‍්‍රීඩකයාට නිරන්තරයෙන් ලබා දෙමින් රටට ඔවුන් හරහා කීර්තියක් අත්කර ගැනීමට පේ‍්‍රක්ෂකයා නිරන්තරයෙන් උත්සාහ දැරිය යුතුය. එසේම ක‍්‍රීඩකයා ද තමාට ඇති විශාලතම වෙස් වලාගත් ආශිර්වාදය පේ‍්‍රක්ෂකයා බවත් ඔවුන්ගේ ක‍්‍රිඩාව කෙරෙහි ඇති දැනුම් මට්ටම හා ආකල්ප විව්ධ බවත් ඒවා කෙරෙහි උපේක්ෂාවෙන් බැලිය යුතු බවත් ඔවුන්ගේ අව්‍යාජ දිරි ගැන්වීම් ඉදිරියේ තමාගේ රුධිරයේ ඇති වේගය ප‍්‍රවේගයක් බවට පත් කර ගනිමින් තම මව් රට හෝ කණ්ඩායම වෙනුවෙන් උපරිමය සිදු කිරීමට ක‍්‍රීඩකයා අදිටන් කර ගත යුතුය. අවසන් වශයෙන් කීමට ඇත්තේ මෙපමණකි කාසියේ වටිනාකම ඇත්තේ කාසියේ දෙපැත්තම නිර්මාණය වූ විටයි.

ලිලාන් ගජනායක

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top