Feb 14, 2022

වැලන්ටයින් මල් පිපුනට පාට පාට; අපිට අයිති මොන පාටද?

මව්වරුන්ගේ දිනය, ළමා දිනය, ගැහුණු ළමයින්ගේ දිනය, මේ ආදි වශයෙන් සමරන දින ගොන්නට එකතු වෙන තවත් දිනයක් ලෙස පෙම්වතුන්ගේ දිනය හෙවත් ආදරවන්තයින්ගේ දිනය හැඳින්විය හැකිය.

ඒ අනුව ලොව පුරා ආදරවන්තයින් අද පෙබරවාරි 14 වැනිදා හෙවත් පෙම්වතුන්ගේ දිනය සමරනු ලබයි. ඇතැමුන්ගේ හැඳින්වීමට අනුව වැලන්ටයින් යනු “සංස්කෘතික ආක්‍රමණයක්”ය. කෙසේවෙතත් වැලන්ටයින් යනු එක් ආකාරයකින් දුක හිතෙන පුරාවෘත්තයකි.

ඉතිහාසයට අනුව දෙවැනි ක්ලෝඩියස් කියන්නේ නරුම පාලකයෙකි. බලවත් රෝම හමුදාවක් නිර්මාණය කොට අනෙකුත් රටවල් යටත් කරගැනීමට ක්ලෝඩියස්ට වුවමනා විය. ක්ලෝඩියස් යනු යනු ජනතාව ප්‍රිය නොකරපු පාලකයෙක් විම නිසාම තරුණයන් හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කළේය.

ඉතා ආකාරුණික ක්ලෝඩියස් තමන්ගේ පාලනයේ දුර්වලතා කිසිවිටකත් තේරුම් නොගත පාලකයෙක් ලෙස ඉතිහාසයේ ලියැවී ඇත. එය හරි හැටි හඳුනානොගත් ක්ලෝඩියස් තරුණයින් හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කිරීම තේරුම් ගත්තේද තමන්ගේ ඒකාධිපති මතවාදයන්ට අනුවය. ඒ අනුව තරුණයින් තමන්ගේ බිරිඳට පෙම්වතියට ඉතා තදින් ඇලුම් කරන නිසාම මෙලෙස හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කරනවායැයි ඔහු සිතන්නට ඇත.

එම නිසාම ඒකාධිපති ක්ලෝඩියස් "කසාද බැඳීම තහනම්" යැයි නියෝග කළේය. නියෝග පසෙකලා මෙකී නරුම කුරීරු අධිරාජ්‍යාට එරෙහිව එක් පුද්ගලයෙක් නැඟී සිටියේය. ඒ වැලන්ටයින් පියතුමාය.

වැලන්ටයින් පියතුමා කසාද බඳින්නට කැමති ආදරවන්තයින් ගෙන්වා රහසින් කසාද බන්ඳ වන්නට තීරණය කළේ ජීවිත අවධානමක්ද සහිතවය. එහෙත් වැඩි කාලයක් මෙලෙස රහසින් කසාද බන්දවන්න වැලන්ටයින් පූජකතුමාට හැකි වුයේ නැති අතර ක්ලෝඩියස් වැලන්ටයින් පියතුමා හිරයට නියම කළේය.

එපමණක් නොව ආගමික විශ්වාස අතහැර දමන්න යැයි යැයි වැලන්ටයින් පූජකතුමාට බල කිරීමට පවා ක්ලෝඩියස් කුරීරු විය. වැලන්ටයින් පියතුමා සිරගත කිරීමට විරෝධය පා වැලන්ටයින් පූජකතුමා සිරගත කිරීමට විරෝධය පා රෝමයේ තරුණ තරුණයින් හිර ගෙදරට මල් පොකුරු වීසි කිරීමට පටන් ගත්තේය. ඉන් නොනැවතුණු ඔවුන් සුබ පැතුම් ලියූ පුවරු ප්‍රදර්ශනය කරන්න කළේය.

ක්ලෝඩියස් තමන්ගේ අදහස් වලට පියතුමා එකඟකර ගැනීමට නොගත් උත්සහායක් නොමැති තරම්ය. පහර පිට පහර දුන්නේය. අවසානයේ සුවහසක් රෝම පෙම්වතුන්ගේ දෑස් කඳුලින් තෙත් කරමින් ක්‍රි.ව 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පියතුමා ඝාතනය කෙරුණි.
එපමණක් නොව රෝමයේ පුරාණ සිරිත් විරිත් අනුව “ආදරයේ දෙවඟන ජූනා” සමරන දිනය යෙදී තිබුණේද වැලන්ටයින් මුණිතුමා ඝාතනය කෙරුණු පෙබවරවාරි 14 වැනිදාටමය.

පසුකාලීනව පෙම්වතුන්ගේ වීරයා වූ වැලන්ටයින් පියතුමා ඝාතනය කෙරුණු එදින සමරා පත්‍රිකා නිර්මාණය විය. එහෙත් මේ වැලන්ටයින් කොමර්ෂලයිස් වෙන්න පටන් ගත්තේ අද ඊයෙක නොවේ.

19 වැනි සියවසේදී එනම් 1870 දි මැසචූසෙටිස් ප්‍රදේශයේ ජීවත් වුණ ඊස්තර් හොලන්ඩ් නම් යුවතිය පිහාටු පබළු ආදියෙන් නිවසේ නිර්මාණය කළ වැලන්ටයින් කාඩ් වෙළෙඳපොළේ විකිණීමට පටන් ගත්තේය. වැලන්ටයින් පත්‍රිකා නිර්මාණය වන්නට පටන්ගන්නේ එලෙසය.

1969 වසරේදි වැලන්ටයින් පියතුමා සාන්තුවරයෙක් ලෙස ද නම් කෙරුණු අතර එදා ඔහු ඝාතනය කළ දිනය සිහිපත් කරන 14 වැනිදා ආගමික ස්වරූපයක් ගත්තත් වත්මන වන විට එහි තිබෙන්නේ වාණිජමය ස්වරූපයකි. වෙළඳපොළ ආර්ථිකයේ කේන්ද්‍රීය සාධකය වන්නේ මිනිස් මනසය. වෙළඳපොළ කතා කරන්නේ අන්න ඒ මිනිස් මනසටය.

එය විසින් සන්තර්පනය කර ගත නොහැකි වූණු මිනිසාගේ ආශාවට උත්තර වෙළඳපොළෙන් සොයා දෙනු ලබන අතර ආදරයත් අද වෙළඳපොළ භාණ්ඩයක් වන්නේ ඒ හේතුවෙනි. සැබෑ ආදරය සොයා දීමට අද වැලන්ටයින්ට පුළුවන් කමක් නැහැ. ඔහු අද සෙල්ස් රෙප් කෙනෙක් පමණි.

ෂේක්ස්පියර් ඔහුගේ "මිඩ්සමර් නයිට්ස් ඩ්‍රීම්" නාටකයේ මෙන්න මෙහෙම ලියා ඇත. ආදරය දකින්නේ දෑසින් නොව මනසෙනි. එබැවින් ආදරයට අධිපති මල්සරා සිත්තම් කර ඇත්තේ අන්ධ ලෙසිනි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top