ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ ගලධාරීහි IITExpo ඉන්දීය රෙදිපිළි ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තවත් අවුරුදු 2ක් නැත්නම් දින 500ක් ඉදිරියට යාමට ආණ්ඩුවට මහජන වරම ලබාදී ඇතැයිද පැවසූ අමාත්‍යවරයා සමස්ථ කැබිනට් මණ්ඩලයම වෙනස් නොවනු ඇති බවත්, අමාත්‍යධූර කිහිපයක් වෙනස්වනු ඇතැයිද කියා සිටියේය.
ප්‍රාදේශීය ඡන්දයකින් ආණ්ඩුව වෙනස් නොවන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
ශ්රීලනිපය ආණ්ඩු හදන්න හැදුවා !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හැදීමට උත්සාහ කළ බවත්, ශ්රීලනිපය හෝ එජාපය හෝ ආණ්ඩු හැදීමට බහුතරය ගැනීමට මහන්සි විය හැකි බවත්, කෙසේවුවද අවසානයේ බහුතරය පාර්ලිමේන්තුව තුළ පෙන්විය යුතු යැයි ඔහු කියා සිටියේය.
ආණ්ඩු හැදීමට ව්‍යවස්ථාපිත ප්‍රශ්නයක්
ආණ්ඩු හැදීමට බහුතරය පෙන්වීම මෙන්ම ව්‍යස්ථාපිත ප්‍රශ්නයක්ද ඇති බව අමුණුගම අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ මහතා මෙසේද පැවසීය.