Jun 09, 2021

LCත් හරවන්න බෑ; මන්ත්‍රී රථ ගායත් ඉවර නෑ, තව V8 එකකුත් එනවා

රුපියල් බිලියන 3.7 ක වියදමින් වාහන 399 ක් ආනයනය කිරීම සඳහා කලින් තිබූ කැබිනට් තීරණයක් අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබුණද, පාර්ශ්ව තුනක් සමග සිදුකරන ගණුදෙනුවක් එකවර නැවැත්වීමේ දී ගැටලුවක් මතු වන බව මාධ්‍ය ඇමති සහ සම-කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
 
ඔහු මේ බව පවසා තිබුණේ හිරු TV හි පැවති 'සළකුණ' වැඩසටහනට එක්වෙමිනි.
 
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටින්නේ අදාළ වාහන ගෙන්වීම කැබිනට්ටුව නොනැවත්වූ බවත්, මුදල් අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍යවරයා විසින් කරනු ලැබුවේ මේ අවස්ථාවේ තාවකාලිකව හෝ එය නතර කිරීමට යෝජනාවක් කිරීම පමණක් බවයි.
 
"එතන ප්‍රශ්ණයක් තියෙනවා. LC ඕපන් කරලා තියෙන හින්දා සමහරක්විට බ්ලැක්ලිස්ට් වෙන්න පුලුවන් කියන කතාව," යැයි කියමින් අමාත්‍යවරයා පෙන්වාදුන්නේ වාහන ගෙන්වීම මේවන විට කළ නොහැක්කක් වී ඇති බවයි.
 
කැබිනට් පත්‍රිකාවට අනුව මෙලෙස ගෙන්වීමට නියමිතව තිබූ වාහන අතර ටොයොටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ වාහන 227ක් ද  ටොයොටා ලෑන්ඩ් කෲසර් V8 රථයක්ද ඇතැයි එහිදී හෙළිවේ.
 
මේ වාහන ගෙන්වන්නේ ආයතනවල වාහන හිඟය නිසා යැයි පවසන රඹුක්වැල්ල ඇමතිවරයා, තමාගේ ආයතනයේත් වාහන නොමැති බවද එහිදී කියා සිටී.
 
කෙසේවුවද, තමා 225 දෙනෙකුට වාහන ගෙන එන බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද ඇමතිවරයා එහිදී කියා සිටියේය.
 
අදාළ වැඩසටහනේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා මාධ්‍යවේදීන් අතර ඇති වූ සංවාදය පහත දැක්වේ.
 
 
(වීඩියෝ : හිරු TV)
 
සබැඳි පුවත්
 
 
 
 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top