අත්‍යාවශ්‍ය ක්ෂේත්‍ර කටයුතු සඳහා අවශ්‍ය ගිලන් රථ, වතුර බවුසර්, ඩබල් කැබ් රථ ඇතුළු වාහන මෙසේ ගෙන්වීමට යන බව අද දෙරණ වාර්තා කර තිබේ.
මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව ණයවර ලිපි විවෘතකර තිබූ ප්‍රාඩෝ ජිප් රථ මිලදී ගැනීම වෙනුවට බවද පැවසේ.
ඒ අනුව ටොයෝටා හයිඒස් වර්ගයේ ගිලන් රථ 50ක්, හිනෝ වතුර බවුසන් 52ක්, ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් රථ 62ක් පිළිවෙළින් ජපන් යෙන් 206,757, 500, ජපන් යෙන් 239,999,968ක් හා ඇමෙරිකානු ඩොලර් 1,801,456ක මුදලක් වැය කරමින් මිලදී ගැනීමට නියමිත බව කියැවේ.
මීට පෙර ටොයොටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ වාහන 227ක් ද ටොයොටා ලෑන්ඩ් කෲසර් V8 දෙකක් ඇතුළු මෝටර් රථ 229ක් ගෙන්වීමට ණයවර ලිපි විවෘත කර තිබූ අතර ඒවා ආපසු හැරවිය නොහැකි බවද පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ සඳහා රුපියල් බිලියන 3.7 ක වියදමක් කිරීමට කැබිනට් පත්රිකාවක්ද ඉදිරිපත් කර තිබිණි.
සැබැඳි පුවත්
ගොඩහේවා කියන වාහන නැති මන්ත්රීලාට දෙන්නයන ලක්ෂ 400යේ ජීප්
LCත් හරවන්න බෑ; මන්ත්‍රී රථ ගායත් ඉවර නෑ, තව V8 එකකුත් එනවා