Aug 18, 2021

සහල් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය - 18-30 අයටත් එන්නත් දෙන්න යයි Featured

පකිස්තානයෙන් සහල් මෙට්‍රික් ටොන් 6000ක් මිලදී ගැනීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දැනට වෙළඳපෙළේ ඇති සහල් හිඟයට පිළියමක් වශයෙන් පාකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ මෙම සහල් තොගය ආනයනය කරනු ඇත.

තවත් කොවිඩ් එන්නත් මිලියන 23ක් හා ඔක්සිජන් ගේන්න කැබිනට් අනුමැතිය

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 09ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

වයස අවුරුදු 18 වැඩි සියලු පුද්ගලයින්ට 2021 සැප්තැම්බර් 30 වනදා වනවිට එන්නත් ලබා දීම සඳහා මෙම එන්නත් තොගය ගෙන ඒමට නියමිතය.

මේ සඳහා එන්නත් අවශ්‍යතාව සඳහා සාකච්ඡා සම්මුති කමිටුව විසින් සාකච්ඡා කර තීරණය කරන ලද ඒකක මිල යටතේ මෙම එන්නත් තොග මිලදී ගනු ඇත.

ඔක්සිජන් ලීටර 360,000ක් ගේන්නත් අනුමැතිය

මේ අතර, කොවිඩ් -19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 360,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් මෙම ඔක්සිජන් ලීටර ආනයනයට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනය කරයි

2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත සංශෝධනය කිරීමට රජය තීරනය කර තිබේ.

ඒ අනූව මහජන අදහස් ලබාගනිමින් තවදුරටත් සිදුකල යුතු සංශෝධන හදුනාගැනීම සදහා කමිටුවක් පත් කිරීමට සහ හදුනාගන්නා සංශෝධන ඇතුලත් කරමින් මෙම පණත සංශෝදනය කිරීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top