Sep 13, 2021

ගංගා සියල්ල සංරක්ෂණයට මුල්‍ය ප්‍රතිපාදන වෙන්වෙයි Featured

සුරකිමු ගංගා වැඩසටහන යටතේ දිවයිනේ ගංගා සියල්ලම සංරක්ෂණයට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ.

මේ අනුව මෙරට ගංගා පද්ධතියට ඇතුළත් වන ගංගා 103 ම සංරක්ෂණයට පියවර ගන්නා බවයි පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලීමට අනුව මහා භාණ්ඩාගාරය මේ සඳහා ලබාදී ඇති මුදල රුපියල් මිලියන 200කි.

මොණරාගල දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂ 128ක් ද, කතරගමට රුපියල් ලක්ෂ 40ක් ද,ගම්පහ පහුල් ඔය ආශ්‍රිත ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ 11ක් වෙන්කර තිබේ.

මේ අතර දකුණු, මධ්‍යම, වයඹ ආදී ප්‍රදේශවල ගංගා කීපයක් සංවර්ධනයට සහ කැළණි ගග සංරක්ෂණයට ද මෙම සුරකිමු ගංගා වැඩසටහන මගින් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව පරිසර ආමත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top