Sep 14, 2021

පරිගණක අපරාධ කොට්ටාසයට ෆේස්බුක් අපහාස පැමිණිලි 900ක් Featured

අන්තර්ජාලය ඔස්සේ අසැබි වීඩියෝ දර්ශන හා ඡායාරූප පළ කිරීම්, ලිංගික අපරාධ ඇතුළු පරිගණක අපරාධවලට අදාළව පැමිණිලි තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් ගතවූ මාස තුනක කාලය ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පරිගණක අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබේ.
 
මහත් ආන්දෝලනයකට තුඩුදුන් 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම, පහන්තුඩාව සිද්ධිය මෙම පැමිණිලි අතර වන බවත් මෙම සියලු පැමිණිලිවලට අදාළව සැකකරුවන් 70කට ආසන්න දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටී.
 
මේ අතර පැමිණිලි බහුතරයක් ලැබී ඇත්තේ ‘ෆේස්බුක්’ ඔස්සේ සිදුවන පුද්ගල අපහාස වන අතර එම පැමිණිලි ගණන 900ක් පමණ වේ.
 
ෆේස්බුක් ගිණුම් හැක් කිරීම්, ව්‍යාජ ගිණුම් පවත්වා ගෙන යෑම්වලට අදාළ පැමිණිලි 700කට ආසන්න ප්‍රමාණයක්ද  ලැබී තිබේ.
 
මුදල් වංචා කිරීම්වලට අදාළ පැමිණිලිද මේවා අතර වේ. නයිජීරියානු ජාතිකයන්ගේ ඔන්ලයින් මුදල් ජාවාරමද මේ අතර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගයන් කියා සිටී.
 
ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව මීට මාස හතරක පමණ ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව පරිගණක අපරාධ කොට්ඨාසය ස්ථාපිත කර ඇත.
 
(මව්බිම)
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top