Sep 17, 2021

ළමුන් ලිංගික කටයුතුවලට අලෙවිකළ වෙබ්එකේ අයිතිකරු අල්ලයි Featured

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සහ ළමුන් අලෙවි කිරීමට උපයෝගී කරගත් අසභ්‍ය වෙබ් අඩවියක හිමිකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි.

මෙම සැකකරු රත්නපුර කලවාන ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද ඔහු සඳහන් කළේය.

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක අපයෝජනය කළේයැයි කියන සිද්ධියකට අදාළව ළමා හා කාන්තා කාර්යාංශය සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top