Sep 17, 2021

බදියුදීන් යළි රිමාන්ඩ් - බිරිඳට සහ මාමණ්ඩීට ඇප ලැබෙයි

සිය නිවසේ බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ඇය මියයෑමේ සිද්ධියට චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව ලබන මස (01) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (17) නියෝග කළාය.

මේ අතර අදාළ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි ඔහුගේ බිරිඳ සහ ඇයගේ පියා ඇප මුදාහැර තිබේ.

මෙලෙස ඇප මත මුදා හැරුණේ අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පදිංචි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා, ඇගේ පියා අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන්, යන අයවලුන්ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top