Oct 07, 2021

උ/පෙළ හා ශිෂ්‍යත්ව විභාගය කල්යයි Featured

අ.පො.ස. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියි.

ඒ අනුව එම විභාග පවත්වන දින පසුව දැනුම්දෙන බවත් එය බොහෝවිට ලබන වසරේ මුල් භාගයේ විය හැකි බවත් ඔහු අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම විභාග යම් කාලයකට කල්දමා විෂය ආවරණයට හා විභාගයට සූදානම් වීමට දරුවන්ට කාලය ලබාදීමට අවශ්‍ය බවත්, එම කාරණය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යංශය හා විභාග දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවකින් පසුව නුදුරේදීම ඒ පිළිබඳව නිශ්විත ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

එම විභාග නොවැම්බර් මාසයේදී පැවැත්වීමට මුලින් නියම කර තිබුණේ මෙතරම් දීර්ඝ කාලයක් රට අගුලුදැමීමට සිදුවේ යැයි බලාපොරොත්තු නොවුනු නිසා බවත්, සිතා සිටියාට වඩා කාලයක් පාසැල් වසා තැබුණු බැවින් එම විභාග දින යළිත් සංශෝධනය කිරීමට සිදුවූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top