Oct 10, 2021

බුලත් කොළයට පණ දෙන්න පක්ෂ 12ක කැමැත්ත ලැබෙයි!

එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීම සඳහා දැනට පක්ෂ 12ක් පමණ එකඟත්වය පළ කර ඇති බව වාර්තා වේ.

එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කිරීම වෙනුවෙන් කටයුතු කළ සිවිල් සංවිධාන 49න් 40ක්ද මේ වන විට එකඟත්වය පළ කර ඇතැයිද "දේශය" පුවත්පත වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණක් නොව පොදුජන පෙරමුණද බලාත්මක කිරීම සඳහා ශ්‍රීලනිපය තීන්දු කර ඇතැයි වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top