Oct 14, 2021

NMRA සිදුවූ දුෂණ වංචා රැසක් එළිවෙයි! Featured

ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ක්‍රියාකාරීත්වය සාර්ථක කිරීමට නම් එහි ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

අදාළ අතුරු වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සදහන් කළේය.

ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ අතුරු වාර්තාව මඟින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එම අධිකාරියේ 2015 වසරේ ජුනි මස පළමු වැනිදා සිට එම වසරේ මාර්තු මස 17 වන දින දක්වා වූ කාලසීමාව තුළ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබැලීම සඳහා කමිටුවක් පත්කරනු ලැබීය.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සහභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් මෙලෙස පත්කරනු ලැබු අතර එම කමිටුවේ අතුරු වාර්තාව පසුගියදා රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදුන්නේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top