Oct 14, 2021

ඒක බාර්... ශෂී නිෂාදිටත් වැඩ වරදියි (Update) (වීඩියෝ)

මාර්ගගත පරිගණක ක්‍රීඩා නිසා දැරුවන් විනාශයට ලක්වන බවත් ඊට මැදිහත්වන ලෙසත් ඉල්ලමින් ලක්මව දියණියෝ ජාතික සංවිධානය ඊයේ (14) විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ලිපියක් භාරදීමෙන් පසුව මාර්ගගත පරිගණක ක්‍රීඩා නිසා ප්‍රචාරණ කටයුතු කරනු ලබන ශෂී නිෂාදිට (ඒක බාර්) ද ගැටලු මතුවීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ දරුවන් බොහෝ දෙනෙකු ඇයගේ ඔන්ලයින් ප්‍රචාරණයන් නැරඹීමට හුරුවී සිටීම නිසාය.

එසේම ඇයට ආණ්ඩුව විවේචනය කරන බවට ද චෝදනා එල්ලවී ඇති බව පැවසේ.

-----(අවසන් යවත්කාලීන කිරීම 2021-10-14 12:04:22)

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි ඉල්ලීමක්

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් "ලක්මව දියණියෝ" ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසමට ලිපියක් භාර දී තිබේ.

අද (14) ඔවුන් එම ලිපිය භාර දුන් බව එහි ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය පැවසුවාය.

පසුගිය දා බණ්ඩාරගම රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔන්ලයින් ගේම් සඳහා ඇබ්බැහි වු 16 හැවිරිදි දරුවෙක් සියදිවි නසා ගනු ලැබීය.

මේ විනාශ වෙලා යන්නේ අපේ රටේ අනාගත පරපුර බවද මාර්ගගත වීඩියෝ ගේම්වලට වැට බඳින්න අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවදද ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top