Oct 14, 2021

දුනු හී පහරින් 5ක් මරුට!

දුනු හා ඊතල යොදාගනිමින් සිදුකළ ප්‍රහාරයකින් නොර්වේ හි පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ ඔස්ලෝ අගනුවරට නිරිතදිගින් පිහිටි නගරයක් වන කොන්ස්බර්ග් නගරයේ පිහිටි සුපිරි වෙළඳසැලකිනි.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු හට තුවාල සිදුවී ඇති අතර, 37 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රහාරය එල්ල කිරීමට මොහු තනිව කටයුතු කර ඇති බව පොලිසිය සැකකරන නමුත්, එය ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවක් දැයි යන්න තීරණය කිරීමට වැඩිදුරට පරීක්ෂණ සිදුකරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top