Oct 14, 2021

සුදු ලූනු වංචාවේ පිරිසට ඇප Featured

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි ලංකා සතෝස නිලධාරින් සිව් දෙනා සහ ව්‍යාපාරිකයා එක් අයකුට ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත හා විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙසද වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා නියෝග කළේය.

සෑම මසක අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද සැකකරුවන්ට නියෝග කෙරිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකළ අතර සූම් තාක්ෂණය හරහා මෙම නඩුව විභාගය ගැනුණි.

ලක් සතොස නිලධාරින් සිව්දෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top