Oct 14, 2021

රිමාන්ඩ් එකේ සිටි ඉරාන 2ක් සැනිටයිසර් බී නසියි; 10ක් රෝහලේ

විෂබිජ නාශක දියර පානය කිරීමෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතික රැඳවියන් දෙදෙනකු මියගොස් තිබේ.
 
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, තවත් රැඳවියන් 10 දෙනෙකු රෝගාතුර වී බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
 
මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත වූවන් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
 
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඊයේ දිනයේ ඉරාන තනාපති කාර්යාල නිලධාරීන් ඔවුන් බැලීමට පැමිණි අවස්ථාවේදි විෂබිජනාශක දියර රැඳවියන්ට ලබා දී ඇති බවයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top