Oct 15, 2021

නීතිපතිට සහ කරන්නාගොඩට නොතීසි

නීතිපතිවරයාට සහ අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) නියෝග කළේය.

ඒ, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනු කර තිබු අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා පියවර ගැනීම අභියෝගයට ලක් කරමින් අතුරුදන් වුවන්ගේ ඥාතීන් 4 දෙනෙකු ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු අවස්ථාවේදීය.

සුදුවෑන් භාවිත කරමින් 2008 / 2009 වසරවලදී කොළඹ දී තරුණයන් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබු නඩුවේ 14 වන විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනු කර තිබූ අධිචෝදනා ඉදිරියට ගෙන නොයන බව නීතිපතිවරයා පසුගිය දා අධිකරණයට දැනුම් දුන්නේ ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top