Oct 19, 2021

අනුරගේ මඩ බෙදූ අය අතර පුවත්පත් මණ්ඩලයේ සභාපතිත් ඉඳලා!

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කිසියම් පාර්ශවයක් විසින් ඉලක්ක කර අසත්‍ය මඩ ප්‍රචාර සිදුකරන බව කියමින් අද (19) එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

මෙම ප්‍රචාරය පසුපස ආණ්ඩුවේ යම් යම් පාර්ශව සිටින බවත්, පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා පවා මෙම පුවත සිය ෆේස්බුක් පිටුව ඔස්සේ බෙදා හැර ඇති බවත් හඳුනෙත්ති මහතා රහස් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව කියා සිටියේය.

අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිරූපය ඔසවා තැබීම සදහා දැන්වීම් ප්‍රචාරක ආයතනයට ලක්ෂ 80ක් ගෙවා ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල පුවත් පළව තිබිණ.

සබැඳි පුවත්
අනුර කුමාර වෙබ් අඩවියකට නඩු දායි!

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top