Oct 20, 2021

ගම්පහ උසාවි ගොස් එද්දී ශානිට විරෝධයක්

අසත්‍ය සාක්‍ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ හැරීමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩුවට පෙනී සිට අධිකරණයෙන් පිටව යමින්  සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතාට අධිකරණයෙන් පිටතදී පුද්ගලයකු විසින්  විරෝධතාවක්වා තිබේ.

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තම ෆේස්බුක් පිටුවේ පළ කළ පුවතක් මුල් කරගෙන තමාව අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස සිරගත කළ බව කියමින් අදාළ අය විරෝධය දක්වා ඇත.

සුදත් කුමාර ලක්මන නැමැති යක්කල, පහළ වීදියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ විරෝධය දක්වා තිබේ.

ඔහු ශානි අබේසේකර  මහතාට කෑකෝ ගසමින් විරෝධය පළ කළද, ශානි කිසිදු වචනයක් හෝ නොපවසා වාහනයට නැග පිටව ගොස් ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top