Oct 20, 2021

ඉන්දියාවෙන් ඉල්ලූ දියර පොහොර ලක්ෂ 31න් ලක්ෂයක් ලැබෙයි!

ශ්‍රී ලංකාවේ මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතුවලට භාවිතා කිරීම සඳහා, ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය ලෙස, ලීටර් ලක්ෂයක් අද (20) අලුයම, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවී තිබේ.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් මෙරටට ආනයනය කිරීම සදහා ඇනවුම් කර ඇති අතර, එයින් පළමු තොගය ලෙස අද (20) ලීටර් ලක්ෂයක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

මෙම සතිය තුළ මෙම දියර පොහොර ලීටර් ලක්ෂ 05 ක් මෙරටට ආනයනය කිරීමට සැළසුම් කර තිබේ .

මෙසේ රැගෙන ආ මෙම දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීමට පියවර ගැනීමට නියමිතය.

මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර තුළ බැර ලෝහ නොමැති අතර, ශාක පත්‍ර මගින් 90% ක්ම ගසට උරා ගැනීම සිදු කරයි.

පොහොර බාරගන්න ගිය ඇමතිලා සෙට්එක

මෙම පොහොර තොගය භාර ගැනීමට වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එච්.එස්.අජන්ත ද සිල්වා, කළම්බු කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි ගුණවර්ධන සහ එම සමාගමේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ජගත් විජේරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ

මෙම දියර පොහොර තොගය අද (20) අලුයම 12.25 ට ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1156 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මේ සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන A - 330 - 300 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

image efc3b0f044FCGCiVYVEAIKNrNFCGCo7wXsAQYfY9FCGCvyFX0AMHZ5G

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top