Oct 20, 2021

SLBCය මැච්එක ටියුන් කරන්න ගිහින් FB Live එක ඩවුන් කර ගනියි!

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ෆේස්බුක් පිටුවේ සජීව විකාශය කිරීම් ෆේස්බුක් සමාගම විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ඒ ගුවන් විදුලි සංස්ථාවට ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ තරගවල පන්දුවෙන් පන්දුවට සජීවි විස්තර විකාශය කිරීමට ලබාදී ඇති නිල අයිතිය අවභාවිත කරමින් VISION FM / ජාතික ක්‍රීඩා විකාශය හරහා එහි සජීව විස්තර ප්‍රචාරය කරන අතර ඊට සමගාමීව එම විස්තර විචාරකයන්ගේ සජීව රූප රාමු සහිතව ෆේස්බුක් හරහා කරන ලද ෆේස්බුක් සජීව විකාශය (facebook live) හේතුවෙනි.

ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාගේ යෝජනාවක් අනුව බන්දුල සමන්වතුරේගම මහතා සම්බන්ධකර ගනිමින් අදාළ ෆේස්බුක් ලයිව් එක සිදුකර තිබේ.

ඒ සඳහා සභාපති හඩ්සන් සමරසිංහ මහතා වැඩි මනාපයක් දක්වා නැතත් ඊට සහය දක්වා ඇත්තේ බන්දුල සමන්වතුරේගම මහතා ගුවන්විදුලි සංස්ථාවෙන් ඉවත් කිරීමට පෙර ඔහුගේ නිල නොවන රියැදුරු ලෙස කටයුතු කළ අයෙක් හා තවත් අයෙක් බව පැවසේ.

වැටුප් ගෙවීමට නොහැකිව මෙන්ම කොරෝනා සමයේ වැඩකළ සේවකයන්ගේ අතිකාල දීමනාද තවම ගෙවා ගැනීමට නොහැකිව සිටින ගුවන් විදුලි සංස්ථාව මේ සජීව විකාශය වෙනුවෙන් රුපියල් ලක්ෂ 8ක මුදලක් වැය කර ඇති බව පැවසේ.

මේ සජීව ගුවන් විදුලි විකාශයට මැදිරි අංක 5 භාවිත කර ඇති අතර එහි සජීව රූපරාමු ලබා ගැනීමට සවිකර තිබූ කැමරා ඊයේ (19) පස්වරුවේ ගලවාගෙන ගොස් තිබේ.

සබැඳි පුවත්
SLBC චන්ද්‍රපාලගේ ෆෝන් 8ක් හඩ්සන්ගේ අත්අඩංගුවේ!

මෙවර SLBC සේවකයන්ට මූලික වැටුප විතරයි!

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top