Oct 20, 2021

මට්න් සමග ලොව ජය ගත් හසන්ත මව්බිමට (වීඩියෝ) Featured

තුර්කියේ පැවති සකර්යා කෙටි චිත්‍රපට උළෙලේදී හොදම ශිෂ්‍ය චිත්‍රපටයට හිමි සම්මානය දිනූ හසන්ත දිසානායක අද (20) මෙරටට පැමිණ තිබේ.
 
මෙම චිත්‍රපට උළෙල, තුර්කියේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශයේ හා සකර්යා විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් ඔක්තෝබර් 12-14 දී පැවැත්වුණි.
 
සුප්‍රකට ලේඛක රෝඩ් ඩාල් ගේ "ලෑම්බ් ටු ද ස්ලෝටර්" නම් කෙටි කතාව පාදක කරගෙන නිර්මාණය වූ හසන්තගේ ජයග්‍රාහී කෙටි චිත්‍රපටය වන 'මට්න්', රටවල් 193 ක් කෙටි සිනමා පට 2774 ක් අතරින් ජයගැනීමට සමත් වී තිබේ.
 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top