Oct 21, 2021

කොවිඩ් තවත් වසරක් තියෙනවා - WHO

කොවිඩ් වසංගත තත්ත්වය තවත් වසරක් පුරාවට පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

දිළිඳු රටවලට අවශ්‍ය එන්නත් නොලැබීම ඊට හේතුව බව එහි ජ්‍යෙෂ්ඨ නායක බෲස් අයිල්වර්ඩ් මහතා කියා සිටී.

මේ හේතුවෙන් 2022 වසරේ දී ද කොවිඩ වසංගත ව්‍යාප්තිය තවදුරටත් පැවතිය හැකි බව ඔහු පෙන්වාදෙයි.

අප්‍රිකානු මහද්වීපයේ ජනගහයක් එන්නත්කරණයට භාජනය වී ඇත්තේ සියයට පහකටත් අඩු ප්‍රමාණයක් බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top