Oct 21, 2021

හදිස්සියේම විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම නවත්වයි! Featured

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පවතින අධික ඉල්ලුම නිසා කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) පහසුකම ඔක්තෝබර් මාසය දක්වා සම්පූර්ණ කර ඇති බැවින් මීළඟ දින ලබා දීමේ (Appointment) හැකියාව පවතින්නේ නොවැම්බර් මාසයේ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර අංශයේ පාලක එච්.පී. චන්ද්‍රලාල් මහතා ප්‍රකාශ කළේ කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) පහසුකම යටතේ දිනකට විදේශ ගමන් බලපත්‍ර දහසක් (1000) නිකුත් කෙරෙන බවයි.

පසුගියදා (18දා) පමණක් එක් දින සහ සාමාන්‍ය සේවා යටතේ ඉල්ලුම්පත් 4700ක ප්‍රමාණයක් භාර ගැනීමට සිදුව ඇති අතර අසීමිත ලෙස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රවණතාවය නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

එහෙත් එළැඹෙන නොවැම්බරයේ සිට මෙම තදබදය පහව යනු ඇතැයි තමා විශ්වාස කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර අංශයේ පාලක එච්.පී. චන්ද්‍රලාල් මහතා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top