Oct 21, 2021

ඇමති ප්‍රසන්න මත්තල බදු නොගන්න ගුවන් තොටුපලක් කරයි! Featured

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගුවන් යානා වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට විශේෂ සහන සහිත නව ගුවන් යානා පැකේජයක් හඳුන්වා දී ඇතැයි වාර්තා වේ.
 
නව පැකේජය ගැන අදහස් දක්වා ඇති සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත්තේ සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් සැකසූ බවයි.

ගුවන්තොටුපොළ අපනයන බදු වසර දෙකක කාලයක් සඳහා නිදහස් කර ඇති අතර ගොඩ බෑමේ හා නවතා තැබීමේ ගාස්තු සඳහා ද වසරක සහන ලබාදී ඇති බවත්, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංචාරක ආකර්ෂණය හිමි ගුවන්තොටුපොළක් ලෙස ප්‍රවර්ධනය කිරීමේදී ගුවන්තොටුපොළ ආශ්‍රිත හෝටල් පහසුකම් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමුව ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. 

ගුවන් භාණ්ඩ මෙහෙයුම් සේවා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ තුළ පුළුල් කිරීමට ද අපේක්ෂා කරන අතර ඒ අනුව ඉදිරියේදී සතියකට භාණ්ඩ ගුවන් යානා 6ක් පමණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා කියයි. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top