Oct 21, 2021

මෙරට පළමු සයදරු උපත කොළඹදී

ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී තිබේ.

සීසේරියන් සැත්කමකින් සිදු කෙරුණු මෙම දරු උපත ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.

ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකු මෙසේ උපත ලබා තිබේ. දරුවන්ගේ හා මවගේ සෞඛ්‍ය තත්ත්වය යහපයත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මව්පියන් කොළඹ අයි.ඩී.එච්. ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top