Oct 21, 2021

FB හා Twitter ට එරෙහිව ට්‍රම්ප්ගෙන් අලුත් වැඩක්

ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව නිල වශයෙන් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය TRUTH Social ලෙස නම් කර ඇති අතර දැවැන්ත තාක්ෂණික සමාගම් වල කුරිරුකම් වලට එරෙහිව නැගී සිටීම සඳහා මෙම සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කරන බව ඒ මහතා අවධාරණය කර තිබේ.

පසුගිය ජනවාරි මාසයේදී කැපිටල් ගොඩනැගිල්ලට ට්‍රම්ප් හිතවාදීන් විසින් බලෙන් ඇතුලුවීමත් සමග ඊට පෙළඹවීමේ චෝදනා මත හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ට්විටර් සහ ෆේස්බුක් සමාජ ජාල පියවර ගත්තේය.

බොහෝ සමාජ මාධ්‍ය ජාල අමෙරිකාවේ විරුද්ධ මත යටපත් කිරීමට කටයුතු කරන බව හිටපු ජනපතිවරයා මේ ගැන අදහස් දක්වමින් පවසා ඇත.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top