Oct 21, 2021

පාස්කු විමර්ශන යට ගැසීම ගැන කාදිනල් හිමිගෙන් චෝදනා Featured

පාස්කු කොමිෂන් සභාවේ නිර්දේශ වත්මන් පාලනය තුළින් ක්‍රියාත්මක කරගත නොහැකි යැයි පැහැදිලි වී ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කළේය.

ත්‍රස්ත ප්‍රහාරයට මාස 30ක් ගතවීම නිමිත්තෙන් කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ අද (21) පැවති විශේෂ යාච්ඤා මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් මෙම විමර්ශන යට ගසන්නට විශාල උත්සාහයක යෙදෙන බව දැනගන්නට ඇති බවද එක රටක් එක නීතියක් කියා පොරොන්දු උනාට තමන්ගේ අයට එක නීතියකුත් අනෙක් අයට තව නීතියකුත් ක්‍රියාත්මක කරමින් ඇති බවද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරයි.

මෙම තත්ත්වය තුළ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කර ගැනීමට අපට මේ පරිපාලන ව්‍යුහය තුළින් ඉඩකඩක් නොලැබෙන බව පැහැදිලි වී ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් වැඩිදුරටත් අවධාරණය කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top