Oct 21, 2021

අත්තනගල්ල ප්‍රා. සභාවේ ගුටි කෙළියක්, මන්ත්‍රීවරියක් රෝහලේ

අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අද (21) ඇති වූ ගුටි බැට හුවමාරුවකදී තුවාල ලැබූ මන්ත්‍රිවරියක 1990 සුව සැරිය ගිලන් රථයකින් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

සභාපතිවරයා ද එම ගැටුමට මැදි වී ඇතැයි තහවුරු නොවු ආරංචි මාර්ග කියයි.

කන ප්‍රදේශයට වැදුණු පහරක් හේතුවෙන් ලේ ගලන තුවාල සහිතව ඇය රෝහල් ගත කර ඇත.

ජවිපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට එල්ල වූ විරෝධතාවක් ගුටිබැට හුවමාරුක් දක්වා වර්ධනය වී ඇති අතර දහවල් 12.30 දක්වා සභාව උණුසුම් වී තිබූ බවද මේ අතර වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top