Oct 21, 2021

ජාතික හැඳුනුම්පත් සඳහා එක්දින සේවාව යළි ඇරඹෙයි

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඔක්තෝම්බර් 25දා සිට නැවත ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම එක්දින සේවාව බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් ලබාගත හැකි බවයි.

ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්කරුවන් ග්‍රාම නිලධාරීවරයා මගින් සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් ශාඛා කාර්යාලය වෙත යොමු වී දිනයක් සහ වේලාවක් වෙන්කරගත යුතු බවත් එම නිවේදනයේ දැක්වේ.

වෙන්කරගත් නියමිත දිනට දෙපාර්තමේන්තුවට පැමිණීමට අපොහොසත් වන ඉල්ලුම්කරුවන් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු වී වෙනත් දිනයක් ලබාගත යුතු බව කී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා සාමාන්‍ය සේවා හැදුනුම්පත් ලබාගැනීම සඳහා අංක වෙන්කරගත් ඉල්ලුම්කරුවන්ට ද නියමිත දිනයේ පැමිණ හැදුනුම්පත ලබාගත හැකි බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top