Nov 07, 2021

කල්ලාරු පාලමේ සෙල්ෆි ගන්න ගිහින් වැඩ වරදියි

වව්නියාව සෙට්ටිකුලම දකුණු කල්ලාරු පාලමේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීම උත්සහ ගත් තරුණයෙකු මන්නාරම දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මියගොස් ඇතැයි සෙට්ටිකුලම් පොලිසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ මන්නාරම මුරුංගන් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

මන්නාරමේ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ දුම්රිය ගමන්කරන අතරතුරදී දුම්රිය මාර්ගයේ සිට තරුණයින් දෙදෙනෙකු දුම්රිය ගමන්කරන අතරවාරයේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ දරා ඇත.

එක් තරුණයෙකු දුම්රිය දැක පාලමෙන් පැන ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ඉදිරිපස කොටසේ ගැටී විසිවීමෙන් එම ස්ථානයේම මියගොස් ඇති බව පොලිසිය කියයි.

මියගිය තරුණයාගේ මළ සිරුර සෙට්ටිකුලම් දුම්රිය ස්ථානයට රැගෙන එමෙන් අනතුරුව සෙට්ටිකුලම් පොලීසිය මගින් සෙට්ටිකුලම් රෝහලට බාරදෙනු ලැබීය.

සෙට්ටිකුලම් පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top