Nov 07, 2021

දළදා මාලිගාවට උඩින් ඩ්‍රෝන් යැවූ විදේශිකයා අත්අඩංගුවට

අනවසරයෙන් ඩ්‍රෝන යානයක් භාවිත කරමින් දළදා මාලිගාවේ වීඩියෝවක් පටිගත කළ විදේශිකයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
 
ඊයේ (06) දිනයේදී අනවසරයෙන් ඩ්‍රෝන යානයක් දළදා මාලිගාවට ඉහලින් යවා ඇති ඇති අයුරු නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
 
42-හැවිරිදි සැකකරු ඊයේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.
 
(මූලාශ්‍රය : නිවුස් ෆස්ට්)
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top