Nov 07, 2021

අම්පාරේදී ජනතාව සිමෙන්ති ලොරියක් වටලයි (වීඩියෝ)

අම්පාර, ඉරක්කාමම් ප්‍රදේශයේදී සිමෙන්ති රැගෙන පැමිණි ලොරි රථයක් වටලා සිමෙන්ති ලබා ගැනීමට එම ප්‍රදේශවාසීන් කටයුතු කර තිබේ.
 
දින කිහිපයක් සිමෙන්ති නොමැතිව පීඩාවට පත්වූ පිරිසක් මෙලෙස සිමෙන්ති ලොරියක් පැමිණෙන තුරු බලා සිට ඔවුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ඨ කරගෙන ඇතැයි වාර්තා වේ.
 
එම ස්ථානයට පොලිසිය ද පැමිණ තිබේ.
 
කෙසේවුවද, ජනතාවගේ බලවත් ඉල්ලීම මත සිමෙන්ති ලොරිය එම ස්ථානයේම තබාගෙන සිමෙන්ති අලෙවි කිරීමට සිදුවූ බව පැවසේ.
 
වීඩියෝ අනුග්‍රහය - නිවුස් ෆස්ට් 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top