සැකකරුගේ බැංකු ගිණුම් සහ බැංකුවල ඇති සේප්පු සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද සැකකරු මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවද ඔහුගෙන් තවදුරටත් කරන ලද විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවද පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජේයෂ්ඨ නීතිඥ හම්සා අබේරත්න මහතා අධිකරණයට දැනුම්දුන්නේය.
මෙම සැකකරුගේ බිරියගේ නමට බොරැල්ල ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇති ගිම්හාන රෙස්ටුරන්ට් නමැති ව්‍යාපාරයේ මුලදී මාසික ආදායම ලක්ෂ 05 ලෙස පෙන්නුම් කළද විමර්ශන ආරම්භ කළ පසු එහි ආදායම ලක්ෂ 50ක් ලෙස පෙන්නුම් කර ඇති බව අනාවරණය වන බව පැමිණිල්ල අධිකරණයට කරුණු දැක්වීය.
ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.