Nov 08, 2021

පෝර නැවේ හිමිකරුගෙන් ශාඛ නිරෝධායනයට එන්තරවාසියක්!

ආන්දෝලනාත්මක චීන පොහොර නැවේ අපනයනකරු වන චින්ඩාවෝ සීවින් බයෝ ටෙක් සමාගම විසින් ජාතික ශාඛ නිරෝධායන ආයතනයට එන්තර වාසියක් යවා තිබේ.
 
ජාතික ශාඛ නිරෝධායන ආයතනයේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය සහ අසත්‍ය වාර්තා හේතුවෙන් තමන්ට ඩොලර් මිලියන අටක අලාභයක් සිදුව ඇති බව එහි දැක්වේ.
 
එන්තර වාසිය ලැබී දින තුනක් ඇතුළත තමන්ට මෙම අලාභය ගෙවිය යුතු බව ද මෙම එන්තර වාසියෙන් චින්ඩාවෝ සමාගම දන්වා තිබේ.
 
කෙසේවුවද, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්තද සිල්වා මහතා එවැනි එන්තර වාසියක් තවමත් ලැබී නොමැති බව මාධ්‍යට පවසා ඇත.
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top