ඔහු මේ බව පැවසුවේ පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
රජය විසින් ක්‍රියාවට නැංවීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධ ව ශ්‍රී ලංකාවේ එම කාර්යයෙහි නියුතු අධ්‍යාපනඥයන්ගේ තාක්ෂණික සහාය සඳහා ෆින්ලන්ත අධ්‍යාපන විශේෂඥයන් පිරිසක් පසුගිය දා දිවයිනට පැමිණි අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගිය සිකුරාදා දිනයේදී කොළඹදී පැවැත්වුණි. මෙම අවස්ථාවට ෆින්ලන්ත ධූත පිරිසට අමතරව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් - මහාචාර්ය කපිල පෙරේරා මහතා හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් - ආචාර්ය උපාලි සේදර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී විය.
ප්‍රශ්ණෙ තියෙන්නෙ නිපුණතාවල
"දැනුමෙන් අපි ඉතා විශිෂ්ඨයි. ආකල්පත් හොඳයි... ප්‍රශ්ණෙ තියෙන්නෙ නිපුණතාවල... අපේ රටේ විශ්ව විද්‍යාලයෙන් පිටවෙන උපාධිධාරීන් ගත්තොත්, වෛද්‍ය පිඨය, ඉංජිනේරු පීඨය හා තව පීඨ කිහිපයක හැරුණාම, අනෙක් සෑම උපාධිධාරියෙක්ම නැවත පුහුණු කරලා තමයි රැකියා වල නියුතු කරන්න වෙලා තියෙන්නෙ. ෆින්ලන්තයේ එහෙම නෑ."
"අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය (ගැන) ඉතා කෙටියෙන් කියනවා නම් ප්‍රධාන අරමුණ තමයි, දැනුම, කුසලතා ආකල්ප තුනෙන් කුසලතාවය කියන එකට මීට වඩා වැඩි බරක් දීලා විභාග වලට මේකෙ තියෙන බර අඩු කරන එ් රටේ කිසිම තැනක අවු. 09ක අධ්‍යාපනය දක්වා විභාගයක් නෑ අපේ රටේ තිබෙන ආකාරයට... අපි ඒකෙන් අදහස් කරන්නෙ නෑ විභාග නැහැයි කියන එක. විභාග තියෙනවා. හැබැයි විභාග වල බර අඩුවෙන්න ඕන. දරුවන්ගේ බර අඩු වෙන්න ඕන... තක්සේරුකරණය වෙනස් වෙන්න ඕන."
ඔන්ලයින් පහසුකම් තියෙන්නෙ 30%කට
දරුවන් 80%ක් පමණ ඉගෙනගැනීම ආරම්භ කරන්නේ වයස 1-5 අතර කාලයේදී බවත්, කොවිඩ්-19 වසංගතය සමග පාසැල් වැසීම හේතුවෙන් 1-2 ශ්‍රේණි වල දරුවන්ට සිදුවූ හානි ප්‍රමාණය සකසන්නේ කෙසේද යන්න සිතාගැනීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
"කවුරු හරි හිතනවා නම් ඔන්ලයින් ගියා කියලා... 30%යි ලංකාවේ ඔන්ලයින් ෆැසිලිටීස් තියෙන්නෙ," යැයි ඔහු පැවසීය.
විකල්ප වෘත්තිය මාර්ග
මේ අතර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසා සිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් නොලබා හැලෙන දරුවන් සම්බන්ධයෙන් නව ප්‍රතිසංස්කරණ මගින් විශේෂ අවධානයක් යොමු කරන බවයි. විකල්ප වෘත්තීය මාර්ග පිළිබඳව තරුණ්‍යය දැනුවත් කළ යුතු බව ඔවුන්ගේ හැඟීම බවද එම මහතා පැවසීය.
උග්‍ර විෂමතා
මේ අතර, සියලුම සිසුන්ට සමානාත්මතාවය සහතික කිරීම සඳහා ජාතික පාසල් සඳහා ලබා දිය හැකි ප්‍රවේශය පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් - ආචාර්ය උපාලි සේදර මහතා පවසා සිටියේ මේ වන විට සියලු වර්ගවල පාසල් අතර පහසුකම් අතින් උග්‍ර විෂමතා පවතින බවයි. 06 ශ්‍රේණියේදී ජාතික පාසලක් ලබන්නේ මෙරට දරුවන්ගෙන් 22%ක් බවත් ජාතික පාසැල් ව්‍යාපෘතිය හරහා එම ප්‍රතිශතය 70%ක් දක්වා නංවාලීමට අදහස් කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.