2017 වසරේ අප්‍රේල් මස 7 වනදා වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් කොළඹ කොටුව දුම්රියපොළ අසළ දී පැවති ජන හමුවකදී සිදුකරනු ලැබූ කතාවක් අඩංගු සංයුක්ත තැටියක් පැමිණිල්ල විසින් සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.
අදාළ සංයුක්ත තැටිය නීත්‍යායානුකූල ආකාරයට ඉදිරිපත්කර නොමැති බවත් එබැවින් එය ප්‍රතික්ෂේප කරන ලෙසට වගඋත්තරකාර වෛද්‍ය පාදෙණිය මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කළහ.
මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණි.