Nov 09, 2021

මිනීමරන්න අනුබල දුන්නැයි නීතිපතිට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්!

පවතින නීතිය අනුව කෝවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීම කළ හැකි බවට උපදෙස් ලබා දුන් නීතිපති සංජය රාජරත්නම් මහතාට එරෙහිව මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

එහි පිටපත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට, ආයුර්වේද කොමසාරිස්ට හා නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමුකර තිබේ.

මේ අතර, කෝවිඩ් මර්දන එන්නත නොගන්නා අයට පොදු ස්ථානවලට යාමට ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිශක්තිකරණ විකල්ප සහතිකයක් ලබා දීමට කටයුතු කර ඇත.

පොලිස්පතිවරයාට කළ පැමිණිල්ල පහත දැක්වේ.

(ලි. ප. තැ/ අතින්/ විද්‍යුත් තැපෑලෙන්)
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
2021.11.08
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

නීතිපති සංජය රාජරත්නම් විසින් මිනීමැරීමට අනුබල දීම සහ ව්‍යවස්ථාපිත යුතුකම පැහැර හැරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම

1. කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීමට පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපති සංජය රාජරත්නම් මහතා කියා ඇත.

2. ආයුර්වේද ප්‍රතිශක්ති කාඩ් පත ඇති අය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සහ කෝවිඩ් එන්නතෙන් ශරීරයට වන හානිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දක්වන අදහස් සැළකිල්ලට නොගෙන සහ නීතිය පිළිබඳව අවධානය යොමු නොකර නීතිපතිවරයා වැරදි ලෙස සිය උපදෙස් දීම සිදුකර ඇත.

3. නීතිපතිවරයාගේ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර ස්ව්‍යං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි නීතිමය උපදෙස් දීමක් වේ.

4. නීතිපතිගේ මෙම උපදෙස් ලබා දීම මිනීමැරීමට අනුබල දීමක්, ව්‍යවස්ථාමය යුතුකම පැහැර හැරීමක් වන අතර මේ වැරදි ක්‍රියාව කළ. නීතිපති සංජය රාජරත්නම්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිම්.

මෙයට,
විශ්වාසී,
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

පිටපත් 1)
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,
සෞඛ්‍ය අමාත්‍යාංශය 385,
සුවසිරිපාය,
පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10,

2) ආයුර්වේද කොමසාරිස්,
ආයුර්වේද දෙපාර්තුමේන්තුව,
පරණ පාර, නාවින්න, මහරගම.

3) නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව,
කොළඹ 10.

ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිශක්තිකරණ විකල්ප සහතිකයක් පහත දැක්වේ.
Rajarathnem Letter

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top