අනුරාධපුර ඇතුළු සමස්ත සුළු වාරිමාර්ග නියෝජනය කරන සමස්ත ලංකා ගොවිජන බල මණ්ඩලයේ සභාපතිවරයාගේ බඩඉරිඟු වගාවට රසායනික පොහොර යොදමින් සිටි ආකාරය එම ගොවි පිරිස විසින් හෙළිදරව් කර ඇත.
මෙම සභාපති වරයා කාබනික පොහොර භාවිතයෙන් තම වගාව සිදුකරන අයුරු සොයා බැලීමට ගොවින් පිරිසක් එහි යන අවස්ථාවේ එම වගාවට රසායනික පොහොර යොදමින් සිටි අයුරු දක්නට ලැබී තිබිණි.
අදාල සභාපතිවරයා එහිදී කියා සිටියේ තමන් රසායනික පොහොර අනවශ්‍ය බව නොකියු වත් කාබනික පොහොර හොඳ බව පමණක් පැවසූ බවත්ය.