Nov 09, 2021

12 වැනිදා අයවැයට කලින් කැබිනට් රැස්වීමක්!

අයවැය සම්බන්ධයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් එළඹෙන 12 වැනිදා පැවැත්වීමට නියමිත බව පැවසේ.
 
මෙම විශේෂ කැබිනට් හමුව හේතුවෙන් ඊයේ (08) පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම ද නොපැවැත්විණි.

ඒ සම්බන්ධයෙන් සියලුම කැබිනට් අමාත්‍යවරුන් වෙත කැබිනට් අමාත්‍ය කාර්යාලය දැනුම්දීමක් කර තිබිණි.
 
ලබන 12 වැනිදාට අයවැය කියවීම පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුවරු 1.30ට සිදු කිරීමට නියමිත අතර එහි සජීව විකාශයක් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට ද කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top