Nov 09, 2021

යාපනයේ පාසල් වසා දමයි!

යාපනය ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සියලුම රජයේ පාසල් අද (09) වසා තැබීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

යාපනය ප්‍රදේශයට මිලිමීටර් දෙසීයකට අධික වර්ෂාවක් ලැබී ඇති බවත්, එම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මේ තීරණය ගත් බවත් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top