Nov 09, 2021

අතුරුදහන් වූ දැරියන් තිදෙනා හමුවේ

ඊයේ (08) උදෑසන සිට අතුරුදහන්ව සිටි වයස අවුරුදු 13 ත් 15 ත් අතර වයස් කාණ්ඩයන් හි පසුවන ගැහැණු ළමුන් තිදෙනා යළි සිය නිවෙස් වලට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.
 
ඊයේ දිනයේදී නිවසින් බැහැරව යාමෙන් අනතුරුව ඔවුන් අතුරුදහන් වී තිබුණි. මෙලෙස අතුරුදහන්වූයේ සොහොයුරියන් දෙදෙනෙකු හා ඔවුන් ගේ ඥාති සොහොයුරියෙකි.
 
මේ පිළිබඳ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව කෙසෙල්වත්ත පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.

 

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top