Nov 10, 2021

පාස්පෝර්ට් පෝලිම රජය හැදූ රට රස්සාවලට යන්නැයි එස්එම් කියයි

විශාල පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පෝළිම්වල සිටින්නේ වත්මන් රජය විශාල වශයෙන් විදෙස් රැකියා අවස්ථා උත්පාදනය කර ඇති නිසා බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එම පිරිස් මෙසේ විදේශ ගමන් බලපත්‍ර සූදානම් කරන්නේ ඊශ්‍රායලය, ජපානය හා කොරියාව වැනි රටවල රැකියා වලට යාමට බවද ඔහු සඳහන් කරයි.

එම රටවල රැකියා වලට යාම සඳහා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් තෝරාගෙන ඇති බවත්, එම පිරිස මෙසේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට එක්වීම නිසා තදබදයක් ඇති වී තිබෙන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top