Nov 10, 2021

මහින්දානන්ද CID යට ගිහින් !

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීම සඳහා ගොස් ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අමාත්‍යාවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොස් තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top