Nov 10, 2021

ගුරු දෙමාපිය විරෝධයට විරුද්ධ වූ පොහොට්ටු මන්ත්‍රීලාට ඇප! (Update)

මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කරන ලද මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති කේ.ජී. පියතිස්ස මහතා ඇතුලු එම සභාවේ මන්ත්‍රීරුන් දෙදෙනා අද (10) ඇප කොන්දේසි මත මුදා හැරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධීකරණයේ මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝගය  කළේය.
 
උප සභාපතිවරයා හා මන්ත්‍රීවරු දෙදෙනා පොදුජන පෙරමුණ නියෝජනය කරන අය වෙති.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරිම තහනම් කොට, පළාතේ විද්‍යාල වලට ආරාධනාවක් ඇතුව හෝ නොමැතිව ඇතුලු විම තහනම් කරමින් , එක් අයෙකුට ලක්ෂය බැගින් ශරිර ඇප තුනක් සහිත ඇප කොන්දේසි සමග මෙම මුදා හැරිම සිදු කලේය..

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මහතාට අමතරව මෙසේ අප ලබාදෙනු ලැබුවේ සහ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන ඒ.පී.එස් අල්කේගම සහ කේ. පාලිත විමලෙසේන යන අයටය.

(මුල් පුවත 2021 නොවැම්බර් 10 , 11:44 පෙ.ව )

ගුරුවරුන්ට කචල් දැමූ ප්‍රා. උප සභාපති අත්අඩංගුවට!

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති කේ. ජී. පියතිස්ස මහතා සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පසුගියදා පැවති ගුරු-විදුහල්පති හා දෙමාපිය විරෝධතාවයක් අතරතුරදී එම ස්ථානය ගොස් එහි සිටි පිරිසට බැණ තර්ජන කිරීම හේතුවෙනි.

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විසින් අදාළ සිද්ධිය සමතයකට පත්කළේය.

එම විරෝධතාවය පසුගිය 3 වැනිදා මාවනැල්ල, මෙඩේරිගම මහා විද්‍යාලයේදී සංවිධානය කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top